ආසිරි පිය­යුරු සත්කාර මධ්‍ය­ස්ථා­න­යෙන් රෝග පරී­ක්ෂක සහ චිකි­ත්සක සේවා | දිනමිණ

ආසිරි පිය­යුරු සත්කාර මධ්‍ය­ස්ථා­න­යෙන් රෝග පරී­ක්ෂක සහ චිකි­ත්සක සේවා

ගෝලීය වශයෙන් පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව ශීඝ්‍රයෙන් වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලංකාව තුළ ද විශේෂයෙන් පියයුරු පිළිකා හේතුවෙන් වාර්තා වන පිළිකා රෝගීන්ගේ සංඛ්‍යාව වසරින් වසර කැපී පෙනෙන ලෙස ඉහළ යමින් ඇත. වාර්ෂිකව ශ්‍රී ලංකාවේ වාර්තා වන නව රෝගීන්ගේ සංඛ්‍යාව 4000 ඉක්මවයි.

ඕනෑම කාන්තාවක් පියයුරු මත ඇති වන ගැටිති හේතුවෙන් බොහෝ බියට පත්වෙයි. එම ගැටිතිවලින් 90%ක්ම හානිකර නොවන නමුත් එසේ නොවන අවස්ථාවල දී එය කලින් හඳුනා ගැනීමත්, අත්දැකීම් බහුල, බහු ශික්ෂණ වෘත්තිකයන්ගේ සේවය ලබා ගැනීමත් ඉතා වැදගත් වේ. මෙමගින් රෝගියාගේ මානසික පීඩනය අවම කර ගැනීමට මෙන්ම එම තත්ත්වයන්ට නිසි ප්‍රතිකාර ගැනීමට හැකිවේ.

කොළඹ සෙන්ට්‍රල් හොස්පිටල්හි පිහිටා ඇති ආසිරි පියයුරු සත්කාර මධ්‍යස්ථානය, ඉහළම ප්‍රමිතියෙන් යුතු රෝග ඇගයුම් සහ ප්‍රතිකාර පිරිනැමීම සඳහා අවශ්‍ය අසමසම, සුහදශීලි සහ නිරවුල් වටපිටාවකින් සමන්විත වේ.

නව අදහස දක්වන්න