ආර්ථික වර්ධ­න­යට බේරු­ම්ක­ර­ණයේ සහාය | දිනමිණ

ආර්ථික වර්ධ­න­යට බේරු­ම්ක­ර­ණයේ සහාය

ගෝලීය වෙළෙඳපොළ ජය ගෙන ඉදිරියට යාමට නවීන ව්‍යාපාරවලට ඇති විසල් අභියෝගයක් වේ. එහිදී ඉක්මන් විසඳුම් ලබා ගත හැකි ගැටුම් නිරාකරණය කිරීමේදී බේරුම්කරණය වැදගත් භූමිකාවක් ඉටු කරයි යනුවෙන්, ප්‍රධාන නීති උපදේශක ශ්‍රී ලංකා ජාතික බේරුම්කරණ සභාවේ හිරාන් ද අල්විස් මහතා පවසයි .

" එසේම ව්‍යාපාර ආරවුල් මඟහරවා ගැනීම සඳහා යානත්‍රණයක් වශයෙන් බේරුම්කරණය භාවිතා කිරීමට විශාල හැකියාවක් පවතින බවත්. මෙම විභ්‍යතාව තවමත් සම්පූර්නයෙන් ම සාක්ෂාත් කර ගෙන නොමැති බවත් , වෙළෙඳ හා ආයෝජන සංවර්ධනය සඳහා කලාපීය බේරුම්කරණ මධ්‍යස්ථානය සහ ශ්‍රී ලංකාව තුළ බේරුම්කරණය පිළිබඳ සන්දර්භය පිළිබඳව පසුගියදා කොළඹදී පැවැති සම්මන්ත්‍රණයේදී පැවසීය.මෙම සම්මන්ත්‍රණය සංවිධානය කර තිබුනේවානිඡ හා කර්මාන්ත මණ්ඩල සම්මේලනයයි.

කාර්යක්ෂමතාවය සඳහා පෞද්ගලික අංශය තුළ ඇති ආරවුල් විසුරුවා හැරීම සඳහා වන වඩාත් ඵලදායී යාන්ත්‍රණය වන්නේ බේරුම්කරණයයි. එවැනි ගැටළු බේරුම්කරණයට ගෙන යා යුතු බව ශ්‍රිරාන් අල්විස් මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය. ARCO (දකුණු ආසියානු කලාපීය සහයෝගීතාව) කලාපීය වෙළඳාම සංවර්ධනය කිරීම සඳහා දායකවන ආයතනයක් බවත්. කලාපීය බේරුම්කරණ මධ්‍යස්ථානයක් පිහිටුවීම කලාපීය වෙළෙඳාම මෙහෙයවීම සඳහා පිරිවැය අවමකර ගැනීමේ ඵලදායී ක්‍රමයක් බවත් හෙතෙම මෙහිදී අවධාරන‍ය කළේය.

"ඕනෑම රටක් සංවර්ධනය කිරීමට ආයෝජනයන් අවශ්‍ය වන අතර එය රටේ දළ ජාතික නිෂ්පාදනයේ සැලකිය යුතු ප්‍රතිශතයකි. මේ ක්‍රියාවලියේදී බේරුම්කරණය අත්‍යාවශ්‍ය සාධකයකි. පසුගිය වසරේදී ඇමෙරිකන් ඩොලර් බිලියන 1.7 ක ප්‍රග්ධනයකින් ශ්‍රී ලංකාව කැපී පෙනෙන අගයක් වාර්තා කර ඇති අතර නිෂ්පාදන, යටිතල පහසුකම් හා සේවා මගින් විශාල වශයෙන් දායක වී තිබේ. මෑත අතීතයේ මෙය වැඩිම අගයක් ගත් අතර දේශීය විදේශීය ආයෝඡනවල විශාල වර්ධනයක් ඇති බව වාණිජ හා කර්මාන්ත මණ්ඩලයේ ලේකම් අජිත් ඩී. පෙරේරා මහතා පැවසීය.

"ආයෝජන ආකර්ෂණය සහ නිදහස් වෙළෙඳාම ආකර්ෂණය කර ගැනීමේ මෙවලමක් ලෙස නිදහස් වෙළෙඳ ගිවිසුම් ​​ප්‍රවර්ධනය කිරීම අවශ්‍යවේ. කෙසේ වෙතත්, රටවල් දෙකක් අතර නිදහස් වෙළෙඳ ගිවිසුම් ඇතිකිරීමෙන් පමණක් ප්‍රතිලාභ නොලැබෙන නිසා, වෙළෙඳාම වැඩිදියුණු කළ හැකි උපාය මාර්ග, හඳුනාගැනීම වැදගත්වේ

අනාගත ආයෝජකයින් ව්‍යාපාර ආරම්භ කළ හැකි ආකාරය, ඒවායේ ආයෝජනයන් කොතරම් වේගවත්ද යන්න සහ ඒවායේ නීතිමය රාමුව ඉතා කාර්යක්ෂම වියයුතු‍වේ.එමෙන්ම ජාතික අපනයන ක්‍රමෝපාය සැකසීම, වෙළෙඳ තොරතුරු ද්වාරය ඇතිකිරීම සහ ව්‍යවසායකයින් සඳහා සැකසෙන විද්්‍යුත් තාක්ෂණික පහසුකම ක්‍රියාවලිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී බවට පත් කිරීම අත්‍යවශ්‍ය පියවරයන් ලෙස පෙන්වාදිය හැකිය.

එමෙන්ම ආරවුල් විසදීම සඳහා විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම අවශ්‍ය වන අතර, බේරුම්කරණය යනු මෙය කිරීම සඳහා ඵලදායී ක්‍රමයකි. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත ක්ෂේත්‍රය තුළ මැදිහත් වීම සම්බන්ධයෙන් දැනුවත් කිරීමක් අවශ්‍ය වන අතර එය ආරවුල් විසඳීමේ කාලය සහ එය වියදම් අඩුකරන ක්‍රවේදයක් ලෙස ඔහු සඳහන් කරයි.

නව අදහස දක්වන්න