මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

සැප්තැම්බර් මස 05 සිට සැප්තැම්බර් මස 12 දක්වා

මේෂ
පෙම්වතුන්ට අසුබයි

ආයතන ප්‍රධානීන් හා ගැටලු ඇතිකරගනී. පියා සමඟ හැලහැප්පිලි ඇතිවෙයි. පරිපාලන බලය දක්ෂ ලෙස ඉටුකරගත හැක. ස්ත්‍රීන්ගෙන් උදව් ලබයි. කලාවේ ඉස්මතුවීමක් පෙන්වයි. විශේෂයෙන්ම සෞන්දර්ය ක්ෂේත්‍රයේ මේ බව කැපී පෙනේ. පෙම්වතුන් අපහසුතාවට පත්වේ. අධ්‍යාපනයට සුබ කාලයකි. රුමෙටික් ආබාධ ඇතිවෙයි.

වෘෂභ
සුබසාධනයට මුල් තැන

තම‍ සේවා ස්ථානයේ මූලිකත්වය ගනී. සුබසාධන කටයුතුවල නිරතවේ. ගමනාගමනයට පහසුකම් ලැබේ. පාසල් අධ්‍යාපනයට සාර්ථක සතියකි. විදේශීය චාරිකාවලට යම් ආයාසයක් දරයි. උසස් නිලධාරින් හා විරසකවීම් ඇතිවේ. රුධිර දෝෂ ඇතිවිය හැකි බැවින් ප්‍රවේශම් විය යුතුය.

මිථුන
උත්සාහයට බාධා

ගනු ලබන උත්සාහයන්ට බාධා ඇතිවේ. පාසල් අධ්‍යාපන කටයුතුවලට අවහිරතා එල්ලවිය හැක. උසස් අධ්‍යාපනයේ ප්‍රගතිය අඩුවේ. ප්‍රවාහන පහසුකම් ලබයි. විදේශීය ගමන් දිග්ගැස්වීම් හෝ ප්‍රමාදවීම් ඇතිවිය හැක. ප්‍රභූන් හා හැලහැප්පීම් ඇතිවේ. යුග දිවියේ ගැටුම් සිදුවෙයි. ලේ විෂවීම් ඇතිවිය හැක. සතුන් දෂ්ට කිරීම් ද ඇතිවෙයි.

කටක
ව්‍යාපාරවලට සුබයි

තම උත්සාහයන් හමුවේ බාධා දිග්ගැස්සීම් ඇතිවේ. අනවශ්‍ය භාරකාරත්වයක් ලබයි. අය පක්ෂය නරක නැත. වාහන මිලදීගැනීමට අපේක්ෂා කරන්නන්ට හිතකර සතියකි. ගෘහස්ථ පහසුකම් ආදිය ලබයි. හවුල් ව්‍යාපාර කටයුතුවලට සුබයි. මඟුල්තුලා කටයුතුවලට හොඳ සතියක් නොවේ. ස්ත්‍රීන්ගෙන් උදව් ලබයි. ළය පීනස ඉස්මතුවේ.

සිංහ
ප්‍රතිවාදීන් හා ගැටේ

කොන්ත්‍රාත්, ව්‍යාපාර ආදියේ වාසිදායක ත්තත්වයක් පෙන්වයි. ප්‍රතිවාදීන් හා ගැටුම් ඇතිවිය හැක. එයින් තමාට ජයග්‍රහණ අත්වේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථකත්වයක් ඇතිවිය හැක. ආශාවන් ඉස්මතුවීම නිසා පෙම්වතුන් අපහසුතාවට පත්වේ. ඉඩම් ගැටලු ඇතිවිය හැක. ලේ විෂවීම් ඇතිවෙයි. සතුන් ආදිය දෂ්ට කරයි.

කන්‍යා
ස්ත්‍රීන්ගෙන් උපකාර

ගන්නා තීරණ අවාසියට හේතුවේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලැබිය හැක. අය පක්ෂය නරක නැත. ස්ත්‍රී පාර්ශ්වයෙන් උපකාර ලබයි. ආයෝජන යෙදීමට පෙළඹේ. කෘතහස්ත අයගෙන් උදව් ලැබිය හැක. කලාවේ නිරතවූවන්ට ඉස්මතුවීමට අවස්ථාව යෙදේ. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයට වියදම් අධික සතියකි. හදවත් රෝග ඉස්මතුවේ.

තුලා
ඉඩම් ගැටලු

ව්‍යාපාර සාර්ථකවේ. ආදායම් වැඩිවේ. තමාගේ බොහෝ කාර්යයන් ස්ව උත්සාහයෙන් ඉටුකරගත හැක. අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රගතියක් පෙන්වයි. ඉඩම් ගැටලු ඇතිවේ. ප්‍රභූන්ගෙන් උදව් ලැබේ. පෙම්වතුන්ට වාසනාව ගෙනදේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම වැඩිවේ. අපේක්ෂිත විදේශ ගමන් කල් යැවේ. දියවැඩියාව, සමේ රෝග, වකුගඩු ආබාධ ඇතිවෙයි.

වෘශ්චික
අධ්‍යාපනයට කැපවේ

වෘත්තීය කටයුතුවලදී විශේෂයෙන් පරිපාලනය දක්ෂ ලෙස කළ හැක. ප්‍රවාහන වියදම් ලබයි. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් වැඩි වියදමක් දරයි. සුබසාධන කටයුතු වෙනුවෙන් කැපවී වැඩ කරයි. ඒ වෙනුවෙන් වියදම් ද කරයි. පාසල් අධ්‍යාපනයට බාධා ගෙනදේ. උසස් අධ්‍යාපනයේදී කැපවී වැඩ කිරීමට සිදුවෙයි. පෙම්වතුන්ගේ රහස් ක්‍රියාකාරකම් ඇතිවෙයි. අපවාද චෝදනා ලබයි. සෙම් රෝග ඇතිවේ.

ධනු
වගකීම් පැවරේ

මේ සතියේ මුදල් ලාභ ඇතිවිය හැක. එමෙන්ම වියදම් ද සාපේක්ෂව අධික වේ. පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සහ උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ සාර්ථකත්වයක් දැකිය හැක.

දැඩි වගකීම් පැවරේ. කලාවේ නිරතවූවන්ට ඉස්මතු වීමට ඉඩකඩ ඇත. විශේෂයෙන්ම සෞන්දර්ය කලා අංශවල නිරතවූවන්ට මෙය බලපායි. යම් යම් අවස්ථාවලදී ආදායම් ලබයි. රුධිර පීඩනය ඉස්මතුවේ. ප්‍රවේසම් වියයුතුයි.

මකර
අදහස් ඉටුවේ

ඉඩකඩම් ගැටලු නිසා අරගල ඇතිවේ. උපක්‍රම යොදයි. රහස් සතුරු කරදර ඇතිවිය හැක. ස්ත්‍රී පාර්ශ්ව නිසා අපවාද ලබයි. විශේෂයෙන් විදේශීය අපනයනය හා සම්බන්ධ ව්‍යාපාරවලදී ආදායම් අධික විය හැක. අනියම් සබඳතා නිසා පවුලේ ගැටුම් ඇතිවේ. තම අදහස් ඉෂ්ටකර ගැනීමට ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය නොකරයි.

කුම්භ
විදෙස්ගතවේ

ආදායම් යෙදීමට හොඳ අවස්ථාවකි. යෙදූ ආයෝජනවල ප්‍රතිලාභ ලබයි. අධ්‍යාපනයට හිතකර කාලයකි. මඟුල්තුලා කටයුතුවලට සුබ සතියකි.

ප්‍රවාහනයට වාසිදායක තත්ත්වයක් උදාවේ. වෘත්තීමය සහ ව්‍යාපාරික කටයුතු සඳහා විදේශ ගතවිය හැක. රුමෙටික්, ළය පීනස වැනි නිදන්ගත රෝග නිසා වද වේදනා විඳිය හැක.

මීන
වෘත්තීය අභියෝග

තම වෘත්තීය කටයුතුවලට අභියෝග, තර්ජන ආදිය එල්ලවේ. ඔබට හිමි අතිරේක මුදල් ආදිය ලැබිය හැක. වාහන පවත්වාගෙන යෑම සඳහා වියදම් වීම් සිදුවේ.

ප්‍රභූන්ගේ ඇසුරට පත්වෙයි. ඔවුන් වෙතින් උපකාර ද ලැබිය හැක. පෙම්වතුන්ට එතරම් හිතකර කාලයක් නොවේ. දියවැඩියාව, සමේ රෝග ආදිය ඇතිවිය හැක.

ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
පානදුරේ රෝහන් වීරරත්න

නව අදහස දක්වන්න