Idea සමා­ග‍ෙමන් ‘වීරා’ සෙවිලි වෙළෙඳ පොළට | දිනමිණ

Idea සමා­ග‍ෙමන් ‘වීරා’ සෙවිලි වෙළෙඳ පොළට

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ පෙරළිකාර හා පරිසර හිතකාමී නිෂ්පාදන රැසක් මෙරටට හඳුන්වා දුන් Idea සමූහ ව්‍යාපාරයේ නවතම නිෂ්පාදනය වන ‘වීරා’ සෙවිලි නිෂ්පාදනය පසුගිය දා මෙරට වෙළෙඳ පොළට හඳුන්වාදෙනු ලැබීය. කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති Construct – 2018 ප්‍රදර්ශන භූමියේ පිහිටි එම සමාගමේ වෙළෙඳ කුටියේ පැවැති උත්සවයක දී එම හඳුන්වාදීම සිදු කෙරුණි.

100%ක්ම දේශීය නිෂ්පාදනයක්වන ‘වීරා’ සෙවිලි ශ්‍රී ලංකාවේ දේශගුණික තත්ත්වයන්ට සහමුලින්ම ගැළපෙන ලෙස නිපදවූවකි. ‘ඇත්තෙන්ම සුරක්ෂිතයි’ යන තේමාව යටතේ නිපදවන ‘වීරා’ සෙවිලිවල සහතික කළ සුරක්ෂිතතාවත් හා කල්පැවැත්මක් තිබෙන අතර එහි මතුපිට විශේෂ සංයෝගයක්වන ASA භාවිතයෙන් නිමවා ඇත. එම ASA සංයෝගය හිරු කිරණයට ඉහළ ප්‍රතිරෝධයක් දැක්වීමෙන් නිවස තුළ උණුසුම්වීම අවම කර කදිම සිසිලසක් ඇති කරනු ඇත. ඇස්බැස්ටෝස් සෙවිලි හැඩයට සමාන රැළි සහිතව නිපදවන මෙම ‘වීරා’ සෙවිලි කිසිඳු ආකාරයක පිළිකාකාරක අමුද්‍රව්‍යයක් හෝ ඊයම් අඩංගු නොවන නිෂ්පාදනයක් වීම විශේෂත්වයකි. දිවයින පුරා පිහිටි හාර්ඞ්වෙයාර් අලෙවිසල්වලින් මිලදීගත හැකි ‘වීරා’ සෙවිලි රතු, තද දුඹුරු හා තද කොළ පැහැයෙන් හා අඩි 6, 8, 10 හා 12 යන දිග ප්‍රමාණවලින් සේම පාරිභෝගික අවශ්‍යතාව පරිදි ඕනෑම දිග ප්‍රමාණයකින් මිලදීගැනීමේ හැකියාව ඇත. එමෙන්ම මිලිමීටර් 2.8ක ඝනකමකින් යුත් ‘වීරා’ සෙවිල්ලක පළල මිලිමීටර් 980කි. ලේයර් තුනකින් සමන්විත ‘වීරා’ සෙවිලි වර්ග අඩියක බර ග්‍රෑම් 400කි.

නව අදහස දක්වන්න