මේ සතිය ඔබට කොහොමද? | දිනමිණ

මේ සතිය ඔබට කොහොමද?

ඔක්තෝම්බර් මස 23 සිට ඔක්තෝම්බර් මස 30 දක්වා

මේෂ
පියා සමඟ ගැටුම්

වාසස්ථාන වෙනස් කිරීමකට ඉඩ ඇත. එසේම වෘත්තීමය වෙනස්කම් ද ඇත. ආත්මාර්ථය ඉස්මතු වේ. ප්‍රධානීන් හා විරසක විය හැක. අපේක්ෂිත විදේශීය ගමන් කල් යැවේ. පාසල් අධ්‍යාපනයේ ප්‍රගතියක් ඇත. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රයේ මන්දගාමී බව පහව යයි. පියා සමඟ ගැටුම් ඇතිකර ගනී. පෙම්වතුන්ට අපවාද අවලාද ලැබීමේ ප්‍රවණතාවක් ඇත. උරුම හිමිකම් ලැබීම පිළිබඳ මතභේද ඇතිවෙයි. සති අගදී ළය පීනස, මුත්‍රා ආබාධ ඉස්මතු විය හැක.

වෘෂභ
ධන වාසි ලබයි

ප්‍රමාදවීම්, දිග්ගැස්සීම්වලට භාජනය වෙයි. තම සේවා ස්ථානයේ ස්ත්‍රී පාර්ශ්වයන් හා ගැටුම් ඇතිකර ගනී. පෙම්වතුන්ට හිතකර කාලයක් නොවේ. විවාහ මංගල යෝජනාවලට සුබ කාලයකි. සමිති සමාගම්වල භාණ්ඩාගාරික තනතුරු ලැබිය හැක. හදිසි ධන වාසි ලබයි. එසේම එයින් හදිසි වියදම් ද පෙන්වයි. වෘත්තීමය වශයෙන් ගමන් බිමන් අධික වේ. ව්‍යාපාර සඳහා ආයෝජන යොදයි. විදේශ ගතවීම් ද සිදුවිය හැක.

මිථුන
සමඟියට බාධා

තමා ගන්නා තීරණ වාසියට හේතු වේ. කලාවේ නිරතවූවන්ට හිතකර කාලයකි. පෙම්වතුන්ට සුබ වේ. සේවා ස්ථානයේ ප්‍රධානීන්ගෙන් භාරධූර වගකීම් ලබයි. පවුලේ සමඟියට බාධා ඇත. හවුල් ව්‍යාපාර සගයන් අතර ගැටුම් ඇතිවෙයි. හදිසි මුදල් වාසි ලබයි. උසස් අධ්‍යාපන කටයුතුවලට බාධා පැමිණෙයි. ඉඩකඩම් පිළිබඳ අරගල ඇතිවේ. වාසස්ථාන ගැටලු ද ඇතිවිය හැක. සෞන්දර්ය කලා ක්ෂේත්‍රවල නිරතවූවන්ට යම් යම් බාධා ඇතිවුවත් පසුබෑමක් නැත. රුධිර දෝෂ ඇතිවේ.

කටක
නිවාස පහසුකම්

ආදායම් ලබාගැනීමේ කටයුතුවලදී යම් ආත්මාර්ථකමක් පෙන්වයි. ආවේගශීලී වෙයි. ගමනාගමන පහසුකම් ලබයි. නව නිවාස පහසුකම් ද ලැබිය හැකිය. ඉඩම් වතුපිටි සම්බන්ධයෙන් ගැටුම් ඇතිවේ. හදිසි ගමන් බිමන් යෙදේ. ඒවා වෙළෙඳ ව්‍යාපාර සඳහා ඇතිවන ගමන් විය හැක. ඉඩම් වතුපිටි ආදායම් ලබන්නන්ට ප්‍රගතියක් ඇත. නිදන්ගත රෝග ඉස්මතු වෙයි. ළය පීනස, ආමාශ ආබාධ ද ඇතිවිය හැක.

සිංහ
ස්ථාන මාරුවීම්

ආත්ම ශක්තිය, අධිෂ්ඨානය පෙරදැරි වෙයි. ආවේගශීලී වෙයි. කිසිවකුට යටත් නොවනසුළු වෙයි. වෘත්තීමය වශයෙන් ස්ථාන මාරුවීම් සිදුවිය හැක. ප්‍රවාහනය සඳහා වියදම් අධික වේ. ස්ත්‍රීන් වෙනුවෙන් වියදම් කරයි. සුඛෝපභෝගී දෑ වෙනුවෙන් සිත යෙදේ. සුවපහසු නිවාස ලබයි. පාසල් අධ්‍යාපනයට හිතකරය. උසස් අධ්‍යාපනයට හදිසි වියදම් යෙදේ. ව්‍යාපාරවලට නරක නැත. ක්‍රීඩා කටයුතුවලට සුබ කාලයකි.

කන්‍යා
කලාවට සුබයි

අය පක්ෂය නරක නැත. එහෙත් හදිසි වියදම් පෙන්වයි. පාසල් අධ්‍යාපනයේ අභියෝග ඇත. එහෙත් කැපවීමෙන් වැඩ කරයි. උසස් අධ්‍යාපනයට හිතකරය. විදේශීය මූලාශ්‍රවලින් ආධාර ලැබේ. සෞන්දර්ය, කලා, පුවත්පත් කලාව සඳහා ද හිතකර කාලයකි. ව්‍යාපාර කටයුතුවලට ද සුබදායි සතියකි. හදිසි ධන වාසි පෙන්වයි. ලොතරැයි ජයග්‍රහණ ඇත. ආයතන ප්‍රධානීන් හා ගැටුම් ඇතිකර ගනී. පියා සමඟ ද ගැටුම් ඇතිවිය හැක.

තුලා
ප්‍රභූන්ගෙන් උදව්

වෘත්තීමය භාරකාරත්වයක් නිසා අපහසුතා වැඩිවේ. විවේචන අපවාද ලබයි. අය පක්ෂය සුබය. තම දරුවන්ගෙන් උදව් ලබයි. ඉඩම් දේපළ විකිණීමේ ගනුදෙනුවලින් වාසිදායකය. ප්‍රභූන්ගෙන් සහ නිලධාරීන්ගෙන් උදව් ලබයි. ව්‍යාපාරවලට හිතකර සතියකි. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හදිසි වාසි ඇත. බැංකු ණය බලාපොරොත්තු වන්නන්ට එය ඉෂ්ට කර ගත හැක. හදිසි වාසස්ථාන මාරු ද ඇතිවේ. මුත්‍රා රෝග ඉස්මතු වෙයි.

වෘශ්චික
දුර ගමන් යෙදේ

කොන්ත්‍රාත් ව්‍යාපාරවලින් වාසි ලබයි. තම දූ දරුවන්ගෙන් උපකාර ලැබෙනු ඇත. තම ඉඩකඩම්වලින් ද ආදායම් වැඩියෙන් ලැබිය හැකි සතියකි. විදේශ මූලාශ්‍රවලින් ධනය ලැබෙන්නන්ට ද හිතකරය. පාසල් අධ්‍යාපනයට බාධා අවහිරතා ඇත. උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය සාමාන්‍ය මට්ටමින් පවත්වාගෙන යා හැකිය. හදිසි දුරබැහැර ගමන් යැවේ. ප්‍රවාහන වියදම් අධිකය. සුඛෝපභෝගී දෑට අධිකව වියදම් කරයි. රුධිර දෝෂ ඇත.

ධනු
විවේචන එල්ල වේ

පාසල් අධ්‍යාපන ක්ෂේත්‍රයට අමතර වියදම් පෙන්වයි. දාන මාන කටයුතු සඳහා වියදම් කරයි. අනවශ්‍ය වියදම් ද ඇත. මහන්සිවීමේ තරමට ආදායම මදි වේ. විවේචන අවලාද එල්ලවිය හැක. උසස් අධ්‍යාපන කටයුතු සඳහා විදේශගතවීමේ අවස්ථාවක් ඇත. සෞන්දර්යයේ සහ කලාවේ නියුතුවූවන්ට හිතකර අවස්ථාවකි. නිවාස කටයුත්තක් සඳහා වියදම් කිරීමක් පෙන්වයි. උගුර, නාසය සම්බන්ධව රෝග ඇතිවිය හැක.

මකර
ආගමට නැඹුරු වේ

විදේශීය ගමන් බලාපොරොත්තු වන්නන්ට ඒ අවස්ථාවලට මඟ පෑදේ. විදේශීය මූලාශ්‍රවලින් ආදායම් ලබන්නන්ට හිතකර සතියකි. යෙදූ ආයෝජනවලට ප්‍රතිලාභ ලබයි. දුරබැහැර වන්දනා ගමන් යැවේ. ආගමික කටයුතුවලට යොමුවේ. හදිසි වාසස්ථාන මාරුවක් සිදුවිය හැක. මුදල් වාසි ඇත. උදරාබාධ ඇතිවෙයි.

කුම්භ
පෙම්වතුන්ට අසුබයි

විදේශ ගමන් යෙදේ. යෙදූ ආයෝජනවල ප්‍රතිලාභ ලැබේ. විදේශීය මූලාශ්‍රවලින් ලබන ආදායම්වලද ප්‍රගතියක් ඇත. වෘත්තීමය උසස්වීම් සහ වේතන වැඩිවීම්වලට නිර්දේශ විය හැක. තම වාසියට වෘත්තීමය මාරුවීම් සිදුවේ. අධ්‍යාපනයට හිතකර කාලයකි. පෙම්වතුන් අතර වෙන්වීමේ ප්‍රවණතා ඇත. ගුප්ත විද්‍යා කටයුතුවලින් සාර්ථක ප්‍රතිඵල ගත හැක. ලේ විසවීම් ඇතිවෙයි.

මීන
ආවේගශීලී වෙයි

වෘත්තීමය කටයුතුවල වෙනස්කම් ඇතිවිය හැක. නිවාඩු යෑම් අධික වේ. උසස් අධ්‍යාපන කටයුතුවලට හිතකර කාලයකි. ප්‍රභූන් හා ගැටුම් ඇතිකර ගනී. ආදායම් කටයුතුවලදී ද ගැටුම් ඇතිවිය හැක. ආ‍වේගශීලී වෙයි. රැකියාව පිළිබඳ වගකීම් වැඩිවේ. භාරකාරත්වයක් ඇතිවෙයි. සහෝදරයන්ගෙන් උදව් ලැබේ. මිතුරු පාර්ශ්වයන්ගෙන්ද උදව් උපකාර ලැබිය හැක.

ජ්‍යොතීර්වේදී
පානදුරේ රෝහන් වීරරත්න

 

නව අදහස දක්වන්න