සර්ව පාක්ෂික හමුව ඇරඹෙයි | දිනමිණ

සර්ව පාක්ෂික හමුව ඇරඹෙයි

ජනපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් සර්ව පාක්ෂික හමුව ආරම්භ වී තිබේ.

එම අවස්ථාව සදහා මහින්ද රාජපක්ෂ සහ එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ද හමුව සඳහා ජනාධිපති කාර්යාලයට පැමිණ සිටියි.

කෙසේ වෙතත් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම හමුවට සහභාගී නොවන බව කථානායක කරූ ජයසුරිය සහ ජනතා විමුක්ති පෙරමුණ අද දහවල් නිවේදනය කළේ ය.

ජනාධිපතිවරයා මෙම හමුව කැදවා ඇත්තේ පාර්ලිමේන්තුව තුළ පසුගිය දිනවල ඇතිවු දේශපාලන නොසන්සුන්තාව සහ ගැටුම්කාරී තත්ත්වය අවසන් කර, පාර්ලිමේන්තුවේ කටයුතු යහපත්ව පවත්වාගෙන යාමට සියලු දේශපාලන පක්ෂ අතර, එකඟතාවක් ඇති කර ගැනීමේ අරමුණිනි.

නව අදහස දක්වන්න