තහනම් නියෝගය 08 වනදා දක්වා දීර්ඝ කෙරේ | දිනමිණ

තහනම් නියෝගය 08 වනදා දක්වා දීර්ඝ කෙරේ

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීතිවිරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් පිළිබඳ වැඩිදුර විභාගය හෙට දින දක්වා කල් තැබිණ.

ඒ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයකට අනුවයි.

එමෙන්ම පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් ජනාධිපතිවරයා විසින් නිකුත් කර ඇති ගැසට් නිවේදනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින්  පනවා තිබෙන තහනම් නියෝගය ලබන 08 වනදා දක්වා දීර්ඝ කිරීමට ද අධිකරණය නියම කළේය. 

මෙම පෙත්සම විභාග කරන සත් පුද්ගල විනිසුරු මඩුල්ලේ අගවිනිසුරු නලින් පෙරේරා ප්‍රධානියා ලෙස කටයුතු කරයි.

එම විනිසුරු මඬුල්ලේ සෙසු සාමාජිකයින් ලෙස ‍ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, සිසිර ද ආබෘ, විජිත් මළල්ගොඩ සහ මුර්දු ප්‍රනාන්දු යන විනිසුරුවරු කටයුතු කරති. 

නව අදහස දක්වන්න