‘සුරක්ෂා’ සිසු රක්ෂණ කාඩ් පත් හිමි දිවයිනේ සියලුම සිසු සිසුවියන් සඳහා කිසිදු ගෙවීමකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමේ පහසුකම පන්නිපිටිය පෞද්ගලික රෝහල විසින් සලසා දී තිබේ. සුරක්ෂා සිසු රක්ෂණය හිමි දිවයිනේ සියලුම පාසල් සිසු සිසුවියන් හට මීට පෙර ලබාදී තිබූ වරප්‍රසාදය වූයේ පෞද්ගලික රෝහල්වලින් මුදල් ගෙවා අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන පසුව එම මුදල් ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් රක්ෂණ ආයතනය හරහා ලබාගත හැකිවීමය. නමුත් එසේ නොමැතිව දිවයිනේ ප්‍රමුඛතම පෞද්ගලික රෝහල් 7 කට පමණක් කිසිදු ගෙවීමකින් තොරව සිසු සිසුවියන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමේ බලතල අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් ලබාදී තිබේ. පන්නිපිටිය පෞද්ගලික රෝහල සතු සේවාවන් සැපයීමේ විශිෂ්ඨත්වය සහ අවම මිල ගණන් සැලකිල්ලට ගනිමින් අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙම සුවිශේෂ බලතල සහිත වරප්‍රසාද පන්නිපිටිය පෞද්ගලික රෝහල වෙත ලබා දී ඇත.
නව අදහස දක්වන්න