IP කපිල රක්ෂිත බන්ධනාගාරයට | දිනමිණ

IP කපිල රක්ෂිත බන්ධනාගාරයට

ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා ලබන 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

ඒ ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් අනතුරුවයි.

රත්ගම ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු අතුරුදන් වීම සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ ගාල්ල විශේෂ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත ද සිල්වා අත්අඩංගුවට ගනු ලැබී ය.

පොලිස්පතිවරයාගේ නියෝග මත පසුගිය 13 වන දා මෙම පුද්ගලයින් දෙදෙනාගේ අතුරුදන් වීමේ සිද්ධිය පිළිබඳ විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත භාර දෙනු ලැබී ය.

නව අදහස දක්වන්න