වතු කම්කරුවන්ට නව වැටුප් ක්‍රමයක් | දිනමිණ

වතු කම්කරුවන්ට නව වැටුප් ක්‍රමයක්

 වතු කම්කරුවන්ගේ වැටුප් වැඩි කිරීම පිළිබඳව ඉල්ලීම් මේවනවිට උත්සන්න තත්වයකට පත්වෙමින් පවතී. කර්මාන්තයේ ඵලදායීතාවන් ඇතිවන ආකාරයෙන් වැටුප් සංශෝධන සිදුකිරීම සඳහා මේවන විට ,ප්‍රාදේශීය ආදායම් දෙපාර්තමේන්තුව (RPCs) නව කටයුතු සමිපාදනය කිරීමට ප්‍රයත්න දරයි.Óනව වැටුප් සඳහා සාමූහික ගිවිසුම අත්සන් කළ පසු අපි වැවිලි කර්මාන්ත අමාත්‍යවරයා සහ කම්කරු ඇමති ඇතුලු සියලු පාර්ශ්වකරුවන්ට මෙහි ඇති අක්‍රමිකතාවන් පිළීබඳව දැනුම් දුන්නෙමු. අපගේ රැස්වීම සඳහා සහභාගි වන ලෙස ඔවුනට ආරාධනා කළෙමු . නව වැටුප් ආකෘතියක් ලබා ගැනීමයි වත්මන් අවශ්‍යතාවÓ. වැල්වැටිතුරේ සංගමයේ ලේකම් ලලිත් ඕබේසේකර මධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා ඇත.

මාස තුනකට වැඩි කාලයක් පුරා පැවති මෑත වැටුප් වර්ධක සාකච්ඡා, මූලික වැටුප 40% කින් ඉහළ දැමීමට හේතු විය. රුපියල් 700ක මුලික වැටුප හේතුවෙන් සහභාගී වීමේ හා ඵලදායිතාව වර්ධනය කිරීම සඳහා ලබා දෙන දිරි දීමනා සහිතව වැටුප් ක්‍රමය මෙම නව ක්‍රමය හඳුන්වාදීමේදී වෙනස් කොට තිබිණි. වෘත්තීය සමිති තුනෙන් දෙකක් ගිවිසුමට අත්සන් තැබූ අතර, සාමූහික ගිවිසුම සඳහා තුන්වන පාර්ශ්වකරු දිරි දීමනා ඉවත් කිරීමට විරෝධතාවය දක්වමින් අත්සන් කිරීමෙන් වැලකී සිටියහ.

කිෙලෝ මිල වැඩි කිරීම ද රු. වතු අනුපාතය ඉහළින් රු. 28.75. කෙසේ වෙතත් වැවිලිකරුවන්ගේ සංගමය (PA) අවධාරනය කර ඇත්තේ වැටුප් ක්රමය තවදුරටත් වැටුප් වැඩිකිරීම වැටුප් රටාව සංශෝධනය කළ යුතු බවය.

කමිකරුවන්ට වැඩි ආදායමක් උපයාගත හැකි අන්දමින් වතු කළමනාකරණය සාම්ප්‍රදායික යටත්විජිත රාමුවෙන් ‍බැහැර වියයුතු බවට මතපලවී තිබේ.

එමෙන්ම කර්මාන්තයේ අනාගතය හා පැවැත්ම සඳහා සමස්ත කර්මාන්තය පුරා නිෂ්පාදන ඵලදායිතාව ඉහළ දැමීමේ අවශ්‍යතාව සඳහා ඉලක්කගත ප්‍රතිසංස්කරන ඇතිවිය යුතු බවට ආර්ථික විද්වතුන්ගේ මතයයි.

වත්මන් සාමූහික ගිවිසුම සඳහා ද්‍රවිඩ ප්‍රගතිශීලී සන්ධානය වැනි වෘත්තීය සමිති අත්සන් කර ඇති අතර වෘත්තීය සමිති සියල්ලම පාහේ වැටුප් ක්ෂේත්‍රයේ වැ‍ටුප් ප්‍රතිසංස්කරණ සඳහා ඉල්ලීම් කර තිබේ.

Òසෑම වසර දෙකකට වරක් අපි සාකච්ඡා හා වැඩ වර්ජනවලට සහභාගි වියයුතු ප්‍රවණතාවක් ඇතිවී තිබේ. මේ වෘත්තීය ගැටලු බේරුම් කිරීමට ළඟාවීමට මාස ගණනාවක් ගතවෙයි. මෙම මන්දගාමී පිළීවෙත් පිළිබඳව යළි සලකා බැලීමට කාලයයි. දැනටමත් වැවිලි සමාගම් කිහිපයක මේ තත්ත්වය පිළිබඳව අප සාකච්ඡා කර ඇති බව ලංකා කම්කරු කොංග්‍රසය භාණ්ඩාගාරික එම්. රමේෂ් මහතා මාධ්‍ය වෙත් පවසා තිබේ.

 

නව අදහස දක්වන්න