ස්වදේශී කොහොඹ සබන් ප්‍රජා­ස­ත්කාර වැඩ­ස­ට­හ­නක | දිනමිණ

ස්වදේශී කොහොඹ සබන් ප්‍රජා­ස­ත්කාර වැඩ­ස­ට­හ­නක

ශ්‍රී ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කදානේ සීමාසහිත ස්වදේශී කර්මාන්තායතනය නිපදවන ශ්‍රී ලංකාවේ අංක එකේ ශාකසාර සබන් නිෂ්පාදනය වන ‘ස්වදේශී කොහොඹ ශාකසාර සබන්’ තවත් අනගි සමාජ සත්කාරයක නියැළෙමින් දිවයින පුරා ග්‍රාමීය ප්‍රජාවට ජල ටැංකි හා යහපත් සාරධර්ම පිළිබඳ ග්‍රන්ථ පාසල්වලට පරිත්‍යාග කිරීම පසුගිය දා සිදු කෙරුණි. මෙය ‘ස්වදේශී කොහොඹ ශාකසාර සබන්’ සන්නාමය යටතේ සිදු කෙරෙන සමාජ සත්කාර ව්‍යාපෘතියකි.

‘ස්වදේශී කොහොඹ ශාකසාර සබන්’ සන්නාමය දියත් කළ මේ සමාජ සත්කාරක වැඩසටහන සම්බන්ධයෙන් අදහස් දැක් වූ ස්වදේශී සමාගමේ ප්‍රකාශිකාවක පැවැසුවේ, ‘සියයට සියයක්ම දේශීය සමාගමක් ලෙසින් නිරෝගී තරුණ පරපුරක් බිහි කිරීමෙහිලා ශ්‍රී ලංකාවේ ග්‍රාමීය ප්‍රදේශවල ප්‍රජාවට උපකාර කිරීම අප සමාගමේ වගකීමක් සේ සලකනු ලබන බවය. මන්ද ශ්‍රී ලංකාවේ ශුෂ්ක කලාපවල පිහිටි පාසල්වලට පිරිසිදු පානීය ජලය සපයා ගැනීම පවා ඉතා දුෂ්කර වූවකි. විශේෂයෙන්ම වසරේ වඩාත් වියළි කාලගුණයක් පවතින කාලවල දී දවස පුරා ප්‍රමාණවත් ජල පාරිභෝජනයක් නොමැතිකමින් එම ප්‍රදේශවල දරුවන්ට සෞඛ්‍ය ගැටලු පවා ඇතිවනු ඇත. එම නිසා ස්වදේශී සමාගම ලෙසින් අප එයට විසඳුම් ලබාදිය හැකි අපේම සමාජ සත්කාරක වැඩසටහනක් දියත් කළා සේම එය ඉදිරි වසරවලත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ඇත.’ යන්නය.

මේ ‘ස්වදේශී කොහොඹ ප්‍රජා සත්කාරය’ සමාජ සත්කාරක වැඩසටහනේ පළමු අදියරේ දී සිසු දරුවන් හා ගුරුවරුන් සිය ගණනකට පිරිසිදු පානීය ජලය සපයනු ලැබීය.

නව අදහස දක්වන්න