ඒඩ්ස් වලකන මග | දිනමිණ

ඒඩ්ස් වලකන මග

ලෝකයේ දියුණුවත් සමඟ නොයෙකුත් ලෙඩ රෝග සමාජය තුළ ව්‍යාප්ත වීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. ඒ අතර කායික, මානසික රෝග හා ලිංගාශ්‍රිත රෝග මෙන්ම ලිංගික සම්ප්‍රේෂණ රෝග වශයෙන් වර්ග කළහැකිය. මෙම රෝග අතරින් ලිංගික සම්ප්‍රේෂණ රෝග පිළිබඳව විශේෂ අවධානයක් යොමු වී තිබේ. ලිංගික සම්ප්‍රේෂණ රෝග වශයෙන් එච්අයිවී/ඒඩ්ස් හැඳින්විය හැකිය. මෙම ලිංගික සම්ප්‍රේෂණ රෝග පිළිබඳ අවධානය යොමුවන්නේ 1987 වර්ෂයේදීය. ඒ ලංකාවේ පළමු රෝගියා හමුවීමෙන් අනතුරුය. ඒ සමඟ සමාජය තුළ යම් චකිතයක් හා බියක් මෙම ලිංගික සම්ප්‍රේෂණ රෝග පිළිබඳව ඇතිවිය. එයට ප්‍රධාන හේතුව ඒඞ්ස් සුව කිරීමට නොහැකිය යන බවට සමාජයේ පවතින මතය හා එවැනි රෝගීන් සමාජයෙන් කෝන් වීම මෙන්ම එම රෝගය වැලඳිමෙන් මුඑ ජිවිතයම විනාශ වීම විය හැකි නිසාවෙනි.

එච්අයිවී වැනි ලිංගික සම්ප්‍රේෂණ රෝගවලට අනිසි බියක් හෝ චකිතයක් ඇතිකර ගැනීමට අවශ්‍යාතාවයක් නොමැත. එයට හේතුව අද වන විට එච්.අයි.වී/ඒඩ්ස් සඳහා ප්‍රතිකාර සොයා ගෙන තිබීමයි. එමගින් මෙම රෝගය නිට්ටාවට සුව කිරීමට හෝ යටපත් කිරීමට හැකියාවක් පවතී. එහි දී එච්.අයි.වී/ඒඩ්ස් සමාජයෙන් තුරන් කිරීමට සමාජයේ මේ පිළිබඳව තිබෙන දැනුවත්භාවය හා අවබෝධය ඉතා වැදගත් වේ. එච්.අයි.වි/ඒඩ්ස් වර්ධනයට ප්‍රධානවශයෙන් ලිංගික ක්‍රියා බලපානු ලබයි. තවද එච්අයිවි ආසාදිතයකු ඒඩ්ස් ආසාදිතයකු බවට පත් වීමට වසර 8ක්, 10ක් පමණ කාලයක් ගත වේ. මෙම කාල සීමාව තුළ නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැනීම තුළින් එච්අයිවී නිට්ටාවට සුවකර ගැනීමට හැකියාවක් පවතී. විශේෂයෙන්ම මෙම රෝග ආකාරය පිළිබව අවබෝධයක් තිබීම ඉතා වැදගත් වේ. ඒ අනුව මුඛ සංසර්ගය, මුඛ සංසර්ගයෙන් ප්‍රධාන වශයෙන් බෝවන අතර රුධිරය සහ රුධිරාෂිත තරලවලින් ද එන්නත් කටු හරහා මෙන්ම ලේ හරහා ද මෙම වෛරසය බෝවේ. ලිංගික සම්ප්‍රේෂණ රෝග 95% පමණ බෝවනු ලබන්නේ ලිංගික සංසර්ගයන් බව අනාවරණය වී තිබේ.

එච්අයිවී/ඒඩ්ස් ආසාදනයේ දී බෝහෝ අවස්ථාවල රෝග ලක්ෂණ දක්නට නොලැබෙන අතර ඒඩ්ස් රෝගයේ දී සහලක්ෂණ දක්නට ලැබේ. එනම් රෝගියාගෙන් රෝගියාට වෙනස් ලක්ෂණ දැක ගත හැකිවීමයි. එච්අයිවී ආසාදනය වීම අනුපාතයක් වශයෙන් ගත් විට කාන්තාවන් හා පිරිමින් අතර අනුපාතය 1.5 වීම විශේෂත්වයකි. කෙසේ වෙතත් එච්අයිවී/ඒඩ්ස්වැනි ලිංගික සම්ප්‍රේෂණ රෝගවලට බියවීමක් හෝ තැතිගැනීමක් ඇති කර ගැනීමට අවශ්‍යාවයක් නොමැත.

අද වනවිට මෙම රෝග නිට්ටාවටම සුව කිරීමට හෝ යටපත් කිරීමට හැකියාව පවතින බැවිනි. ඒ සඳහා එච්අයිවී/ඒඩ්ස් ආසාදිත පුද්ගලයන් මෙන්ම සාමාන්‍ය පුද්ගලයන්ට ද වීශාල කාර්යයභාරයක් හා වගකීමක් පැවරී තිබේ. එහි දී නිසියාකාරව ප්‍රතිකාර ලබා ගැනීම හා එම රෝග සගතවා නොසිට අවශ්‍ය වෛද උපදෙස් ලබා ගැනීම, නිරන්තරයෙන් හිත නිරෝගීව තබා ගැනීමට උත්සුක වීම හා රෝගය සුවපත් වීම තුළින් නැවතත් තම දෛනික ජිවිතයක් ගත කිරීමට හැකි වන බව තේරුම්කර ගැනීම ආසාදතයන්ගේ කාර්යයභාරයක් හා වගකීමවේ. එමෙන්ම සාමාන්‍ය පුද්ගලයින්ට ද එච්අයිවී/ඒඩ්ස් ලංකාවෙන් තුරන් කිරීමට වීශාල කාර්යයභාර්යක් තිබෙන අතර එය කුඩා දරුවාගේ සිට වැඩිහිට් පුද්ගලයාදක්වා පැවරෙයි. එහි දී මෙම රෝගීන් සමාජයෙන් කොන් නොකිරීම, එවැනි රෝගීන් නිසි ප්‍රතිකාරස සඳහා යොමු කිරීම සමාජ වගකීම වේ. රෝග ආසාදනයෙන් වැළකීසිටීමට නිවැරදි ලිංගික චර්්‍යාවන් පවත්වා ගැනීම, ලිංගිකත්වය පිළිබද නිවැරදී අවබෝධයක් පුද්ගලයන්ට තිබීම ද එහි දී වැදගත් වේ. එච්අයිවී/ඒඞ්ස් ආසාදිත පුද්ගලයින් හා සමාන්‍ය පුද්ගයින් තම කාර්යයභාරය හා වගකීම නිසි ආකාරව සිදු කරන්නේ නම් ලංකාවෙන් සදහටම එච්අයිවී/එඩ්ස් කිරීමට හැකිවනු ඇත.

තිමාලි ප්‍රියානි

නව අදහස දක්වන්න