Home » ලක්ෂ 60ක ගංජා සමඟ ජාවාරමා අත්අඩංගුවට

ලක්ෂ 60ක ගංජා සමඟ ජාවාරමා අත්අඩංගුවට

by sachintha
March 28, 2024 12:26 am 0 comment

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද ලක්ෂ හැටකට අධික කේරළ ගංජා තොගයක් සමඟ මහා පරිමාණ කේරළ ගංජා ජාවාරම්කරුවකු පෙරේදා (26) පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසක් විසින් වැලිඔය පොලිස් වසමේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් මත වැලිඔය පොලිස් වසමේ සපුමල්තැන්න ආරණ්‍ය සේනාසනය දෙසට ඇති අතුරු මාර්ගයේ දී වැටලීමක් සිදු කර ඇත.

එහිදී ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් හොර රහසේ ගෙන්වන ලද පාර්සල් 13ක ඉතා සූක්ෂ්මව අසුරා තිබූ ලක්ෂ හැටකට අධික වටිනාකමක් ඇති කේරළ ගංජා කිලෝ 27යි ග්‍රෑම් 185ක තොගයක් වැලිඔය ප්‍රදේශයේ අලෙවි කිරීම සඳහා සන්තකයේ තබාගෙන සිටි පූජා නගරය, මහියංගණය පදිංචි වයස අවුරුදු 43 පසුවන පුද්ගලයකු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වැලිඔය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

පොලිස් විශේෂ කාර්ය බළකාය මුලතිව් කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව විශේෂ කාර්ය බළකාය අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතාගේ නියෝග හා උපදෙස් පරිදි යාපනය කලාපය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රෝයි සුමනවර්ධන මහතාගේ මෙහෙයවීම මත, සහකාර පොලිස් අධිකාරී පෙරේරා මහතාගේ අධීක්ෂණයෙන් මුලතිව් කඳවුරේ උප පොලිස් පරීක්ෂක යු.එල්.ආර්. කුමාර ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර තිබේ.

රක්ෂණ ශ්‍රියන්ත

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT