Home » පිහි­යෙන් ඇන අයකු මැරූ හිටපු සෙබ­ළාට මරණ දඬු­වමට

පිහි­යෙන් ඇන අයකු මැරූ හිටපු සෙබ­ළාට මරණ දඬු­වමට

by damith
March 30, 2024 1:28 am 0 comment

පිහි­ය­කින් ඇන පුද්ග­ල­යකු ඝාත­නය කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ලැබ සිටි හිටපු යුද හමුදා සෙබ­ළකු එකී චෝද­නා­වට වර­ද­කරු බවට තීන්දු කල පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත මහතා ඔහුට මර­ණීය දණ්ඩ­නය නියම කළේය.

මෙසේ මරණ දඬු­වම නියම වූයේ රත්තොට පොල්වත්ත, රත්න­ව­මලේ පදිං­චි­ක­රු­වකු වන එම්.ජී. අජිත් කුමාර නමැති ශ්‍රී ලංකා යුද හමු­දාවේ 19 වැනි සිංහ රෙජි­මේ­න්තුවේ හිටපු සෙබ­ළ­කු­ටය. මේ විත්ති­කරු සක්‍රිය යුද හමුදා සේවයේ නිර­තව සිටි­යදී නිවාඩු ලබා පැමිණ සිටි අත­ර­වා­රයේ මේ ඝාත­නය කර ඇති බව අධි­ක­රණ නඩු විභා­ග­යේදී අනා­ව­ර­ණය විය.

විත්ති­කාර හිටපු යුද හමුදා සෙබ­ළාට දඬු­වම් නියම කර­මින් පොලො­න්න­රුව මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත මහතා විවෘත අධි­ක­ර­ණය අම­ත­මින් කියා සිටියේ විත්ති­ක­රුට එරෙහි පැමි­ණිල්ල විසින් නඟා ඇති චෝදනා සාධා­රණ සැක­යෙන් ඔබ්බට ඔප්පු කිරී­මට පැමි­ණිලි පාර්ශ්වය සමත්ව ඇති බවයි.

ඒ අනුව ජනා­ධි­ප­ති­ව­රයා නියම කරනු ලබන දින­යක හා වේලා­වක සිර ගෙද­රදී විත්ති­ක­රුගේ ප්‍රාණය නිරුද්ධ වන තුරු එල්ලා මරන ලෙසට තමා නියෝග කරන බවද මහා­ධි­ක­රණ විනි­සුරු රුචිර වැලි­වත්ත මහතා දී ඇති නියෝ­ගයේ සඳ­හන්ය.

2013 වසරේ ජන­වාරි මස 28 දින හෝ ඊට ආසන්න දින­යක පොලො­න්න­රුව මහා­ධි­ක­රණ බල ප්‍රදේ­ශ­යට අයත් හිඟු­ර­ක්ගො­ඩදි ගල්අ­මුණ මුල්කි­රි­ගම, අංක 442, ලිපි­නයේ පදිං­චිව සිටි කේ.එච්. අමිල සම­ර­කෝන් යන අයට පිහි­ය­කින් ඇන, බර­ප­තළ තුවාල සිදු කර ඔහු ඝාත­නය කළ බවට මේ විත්ති­ක­රුට එරෙ­හිව නීති­ප­ති­ව­රයා විසින්, ලංකා දණ්ඩ නීති සංග්‍ර­හයේ 296 වන වග­න්තිය ප්‍රකා­රව පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණය හමුවේ අධි චෝදනා ගොනු කොට තිබිණි.

මේ නඩුවේ ලඝු නොවන මූලික විභා­ගය හිඟු­ර­ක්ගොඩ මහෙ­ස්ත්‍රාත් අධි­ක­ර­ණය හමුවේ පැවැති අතර, නීති­ප­ති­ව­රයා විසින් විත්ති­ක­රුට අධි චෝදනා ගොනු කිරී­මෙන් අන­තු­රුව වැඩි­දුර විභා­ගය සඳහා පොලො­න්න­රුව මහා­ධි­ක­ර­ණ­යට යොමු කර තිබිණි. පැමි­ණිල්ල වෙනු­වෙන් රජයේ අධි­නී­තිඥ මුස­ර්ලයි මහතා සහ විත්ති­කරු වෙනු­වෙන් නීතිඥ චන්දික තිල­ක­රත්න මහතා පෙනී සිටි­යහ.

අනු­රා­ධ­පුර උපාලි ආනන්ද, අනු­රා­ධ­පුර සංචා­රක චතු­රංග

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT