Home » මහ­නු­වර-අම්පි­ටිය ජල සැප­යුම එකතු කර ධාරි­තාව පුළුල් කරයි

මහ­නු­වර-අම්පි­ටිය ජල සැප­යුම එකතු කර ධාරි­තාව පුළුල් කරයි

by damith
March 30, 2024 1:28 am 0 comment

මහ­නු­වර ජල­ස­ම්පා­දන ව්‍යාපෘ­තියේ ජල සැප­යුම අම්පි­ටිය කලා­ප­යට සම්බන්ධ කර­මින් ධාරි­තාව පුළුල් කළ ජල සැප­යුම් ඒක­කය විවෘත කිරීම ඉකුත් 27 වැනිදා දුණු­ම­ඩ­ලාව ජල­පො­ම්පා­ගාර පරි­ශ්‍ර­යේදී මධ්‍යම පළාත් ආණ්ඩු­කාර ලලිත් යූ. ගමගේ මහ­තාගේ ප්‍රධා­න­ත්ව­යෙන් සිදු කෙරිණ.

මෙම ජල සැප­යුම් ඒක­කය මඟින් දුනු­ම­ඩ­ලාව රක්ෂි­තයේ තිබෙන ජල පෝෂක ප්‍රදේ­ශ­යෙන් ලබා ගන්නා ජලය අම්පි­ටිය, බහි­ර­ව­කන්ද, රජ­පි­හිල්ල ඇතුළු ප්‍රදේශ ගණ­නා­ව­කට බෙදා හැරීම සිදු කරයි. නව ජල ව්‍යාපෘ­තිය වෙනු­වෙන් රුපි­යල් මිලි­යන 100ක මුද­ලක් ඇස්ත­මේන්තු ගත කර තිබු­ණත් මහ­නු­වර මහ නගර සභාවේ ඉංජි­නේ­රු­වරු ඇතුළු ජල සැප­යුම් අංශයේ සමස්ත කාර්ය මණ්ඩ­ලයේ ශ්‍රම දාය­කත්ව ලබා දීම හේතු­වෙන් එම ඇස්ත­මේන්තු ගත මුදල වෙනු­වට වැය කර ඇත්තේ රුපි­යල් මිලි­යන 70ක් වීම ද සුවි­ශේෂී කරු­ණකි. මෙතෙක් තිබුණු ඝන මීටර 500ක ජලය පොම්ප කිරීම මෙම ව්‍යාපෘ­තිය ආරම්භ කිරී­මත් සමග ඝන මීටර් 950 දක්වා වැඩි කර තිබේ.

කටු­ග­ස්තොට සමූහ - එස්.ජී. විජේ­රත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT