Home » ලෝකයේ රසම අන්නාසි ලංකාවේ වවන්න අවසර ඉල්ලයි

ලෝකයේ රසම අන්නාසි ලංකාවේ වවන්න අවසර ඉල්ලයි

by chanaka
April 16, 2024 2:46 pm 0 comment

ලෝකයේ ජනප්‍රියම අන්නාසි ප්‍රභේදයක් වන MD 2 හෙවත් Super Sweet pine apple (Ananas Comosus) අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා කඩිනමින් නිර්දේශ ලබා දෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී ඇත.

ලෝකයේ රසවත්ම අන්නාසි විශේෂ වාර්තාවන්නේ ශ්‍රී ලංකාවෙනි.

එම නිසා අපේ රටේ වගා කරන අන්නාසි සඳහා ලෝක වෙළෙඳපළෙහි විශාල ඉල්ලුමක් පවතී.විශේෂයෙන් MD 2 අන්නාසි ප්‍රභේදය සඳහා දැනට විශාල ඉල්ලුමක් ලෝක වෙළෙද පළෙහි පැවතිය ද මේ වන තෙක් එම අන්නාසි ප්‍රභේදය මෙරට වගා කිරීමට පියවර ගෙන නැත.

මිහිරි රසයකින් යුක්ත මෙන්ම අවම ආම්ලිකතාවයකින් යුත් මෙම අන්නාසි ප්‍රභේදය අප රටේ ද වගා කිරීම සඳහා සිදු කළ පර්යේෂණ ද සාර්ථක වී තිබේ.

මේ නිසා බෝග නිදහස් කමිටුවේ නිර්දේශ යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගාව සඳහා නිර්දේශ කිරීමේ කටයුතු කඩිනම් කරන්නැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දුන්නේය.

දැනට කෘෂි අංශ නවීකරණ වැඩ සටහන යටතේ මෙම MD 2 අන්නාසි ප්‍රභේදය ශ්‍රී ලංකාවේ වගා කිරීම සඳහා ගොවීන්ද කැමැත්ත පළ කර ඇත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT