Home » සුපිරි නළු සල්මන්ගේ නිවසට වෙඩි තැබූවන් අල්ලයි

සුපිරි නළු සල්මන්ගේ නිවසට වෙඩි තැබූවන් අල්ලයි

by chanaka
April 16, 2024 1:44 pm 0 comment

මුම්බායි හි බන්ද්‍රා ප්‍රදේශයේ බොලිවුඩ් සුපිරි නළු සල්මන් ඛාන්ගේ ගැලැක්සි මහල් නිවාසයෙන් පිටතදී අප්‍රේල් 14 වැනිදා වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ චූදිතයන් දෙදෙනකු මුම්බායි අපරාධ අංශය විසින් ඊයේ(15) අත්අඩංගුවට ගෙන ඇත.

මුම්බායි පොලිසිය සදහන් කර සිටියේ මෙම සැකකරුවන් දෙදෙනා විකී ගුප්තා සහ සාගර් පල් ලෙස හදුනාගෙන ඇති බවයි.

මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගුජරාට්හි බුජ් ප්‍රදේශයේ දී ය.

ඔවුන් මුම්බායි සිට සූරත් වෙත පලා යමින් සිට ඇතැයි ද වාර්තා වේ. මෙම සැකකරුවන් දෙදෙනා කුප්‍රකට ලෝරන්ස් බිෂ්නෝයි කල්ලියේ සාමාජිකයින් බව වාර්තා වේ.

මෙම වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු සල්මන්ගේ ආරක්‍ෂක කණ්ඩායමට තවත් සාමාජිකයින් පිරිසක් එක් කිරීමට පොලිසිය කටයුතු කර තිබේ. ඔහු නිවසින් පිටතට යාමට පෙර මුම්බායි පොලිසියට දන්වන ලෙසත් අත්‍යවශ්‍ය කාරණයකට හැර නිවසින් බැහැරව නොයන ලෙසටද සල්මන්ට උපදෙස් ලබා දී ඇතැයි වාර්තාවේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT