Home » බැද්දගේ මහත්තයාගේ සිංදුව විකෘතිකර ඇත්තේ සුරාබදු නිලධාරියෙක්

බැද්දගේ මහත්තයාගේ සිංදුව විකෘතිකර ඇත්තේ සුරාබදු නිලධාරියෙක්

by chanaka
April 17, 2024 11:16 am 0 comment

ප්‍රවීන ගායන ශිල්පී ආචාර්ය රෝහණ බැද්දගේ නිරිමාණය කළ ‘සූර්ය මංගල්ලේ ‘ අවුරුදු ගිතය විකෘති කිරීමේ සිද්ධියට සම්බන්ධ බවට සැක පිට සුරාබදු නිලධාරීයෙකු පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ 31 හැවිරිදි තලාතුඔය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිස්පතිවරයා වෙත කරන ලද පැමිණිල්ලකට අදාළව පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ වයඔ පළාත් ඒකකය විසින් අදාළ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරු අත්අඩංගුවට ගත් අතර අද(17) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT