Home » ජාතික පැළ සිටුවීමේ නැකත හෙට යි

ජාතික පැළ සිටුවීමේ නැකත හෙට යි

by chanaka
April 17, 2024 11:35 am 0 comment

පැළ සිටුවීමේ නැකත හෙට (18) පෙරවරු 10.16ට යෙදී තිබේ. දකුණු දිශාව බලා රන් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී පැළ සිටුවන ලෙස ජාතික නැකත් සීට්ටුවේ සඳහන් ය.

සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නැකත් සීට්ටුවට අනුව යෙදෙන අවසන් නැකත වන මෙම නැකත සමරමින් නැකතට පැළයක් සිටුවීමේ ජාතික උත්සවය හෙට (18) කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් කෘෂිකර්ම අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවැත්වේ.

මෙයට සමගාමීව කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ඇති සියලු ආයතන මඟින් රට පුරා රුක් රෝපණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. ඒ අනුව වැවිලි බෝගයක් ලෙස පුවක් පැළ මිලියන 1.5ක් රෝපණය කිරීමේ වැඩසටහන, තේ වතුවල පුරප්පාඩු සිටුවීම සඳහා තේ පැළ මිලියනයක් ලබාදීම, ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා ලක්ෂයක් සහ කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් තේ වතු වගා 30,000ක් ආරම්භ කිරීම සිදු කෙරේ.

එමෙන්ම අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් කුරුඳු, ගම්මිරිස්, ආදී කුළුබඩු පැළ වර්ග ද, පොල් වගා කිරීමේ මණ්ඩලය සහ පොල් සංවර්ධන අධිකාරිය මඟින් පොල් පැළ 50,000ක් රෝපණය කිරීමේ වැඩසටහන ද මීට සමඟාමීව හෙට(18) ආරම්භ කෙරේ.

එමෙන්ම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් සියලුම ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලත් පැළ රෝපණය කිරීමේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටද කටයුතු යොදා ඇත.

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT