Home » පෙම්වතියට-මවට කඩුවෙන් කොටා පෙම්වතා ගසක එල්ලිලා

පෙම්වතියට-මවට කඩුවෙන් කොටා පෙම්වතා ගසක එල්ලිලා

by sachintha
April 18, 2024 1:20 am 0 comment

පෙම්වතියට හා ඇගේ මවට මාරාන්තික කඩු ප්‍රහාරයක් එල්ල කළ යාපනයේ තරුණයෙකු අසල කුඹුරක ගසක එල්ලී පෙරේදා (16) සියදිවි හානිකරගෙන තිබේ.

යාපනයේ ඉලවාලී පණ්ඩතරිප්පු පනිපුලම් ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුව තිබේ. සිද්ධියට සම්බන්ධ තරුණයා කාලයක සිට එම තරුණිය සමඟ පෙමින් වෙළී සිට ඇති අතර මව ඊට තරයේ විරුද්ධ වී දියණිය ද මවගේ පැත්තට හරවා ගැනීම නිසා උරණ වූ තරුණයා ඔවුන්ගේ නිවසට කඩුවක් රැගෙන ගොස් දෙදෙනාම කඩුවෙන් කපා කොටා තුවාල සිදු කොට තිබේ. මව හා දියණිය තුවාල ලබා විලාප තබමින් බිම ඇද වැටුණු අවස්ථාවේදී තරුණයා අසල කුඹුරකට දිව ගොස් ගසක එල්ලී සියදිවි හානි කරගෙන තිබේ.

මෙලෙස මිය ගොස් ඇත්තේ පනිපුලම් ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ගුණතිලකම් ප්‍රනවන් නැමති අයෙකි.

ඔහු ප්‍රදේශයේ කුඩා වෙළෙඳසලක් පවත්වා ගෙන යන අයෙකි.

කඩු ප්‍රහාරවලින් බරපතළ ලෙස තුවාල ලබා ඇති මව හා දියණිය ප්‍රතිකාර සඳහා තෙලිප්පලෙයි රෝහලට ඇතුළත් කොට තිබේ.

ඉලවාලි පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

උතුරු පළාත් විශේෂ රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT