Home » ප්‍රවීණ ගායන ශිල්පි රාජු බණ්ඩාරගේ සුවදුක් විමසීමට ඇමැති විදුර යයි

ප්‍රවීණ ගායන ශිල්පි රාජු බණ්ඩාරගේ සුවදුක් විමසීමට ඇමැති විදුර යයි

by sachintha
April 18, 2024 1:02 am 0 comment

අනූව දශකයේ ජනප්‍රියත්ව දර්ශකයේ ඉහළින්ම සිටි ප්‍රවීණ ගායන ශිල්පි රාජු බණ්ඩාර මහතාගේ සුවදුක් විමසීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති විදුර වික්‍රමනායක මහතා සහ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ නිලධාරීහු පිරිසක් පසුගියදා ඔහුගේ කෑගල්ලේ පිහිටි නිවසට ගියහ. “මං ආදරෙයි මුළු ලොවටත් වඩා, ඔය රූ සෝබා, රන් සීනු නාද දී, හද වේදනා” වැනි අතිශය ජනප්‍රිය ගීත ගණනාවකට හිමිකම් කියන ඔහු රංගන ශිල්පියකු ලෙස ද කලා ලෝකයට සදා නොමැකෙන මතක ගොන්නක් එක් කළ කලාකරුවෙකි.

‘දිය කැට පහණ’ ටෙලි නාට්‍යයේ පෑ දක්ෂ රංගන ප්‍රතිභාවෙන් මහත් වූ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් රාජු බණ්ඩාර මහතා, හොඳම නැඟී එන නළුවාට ද නිර්දේශ විය. ගායනය, වාදනය මෙන්ම රංගනයෙන් අතිදක්ෂ ලෙස කටයුතු කළ රාජු බණ්ඩාර මහතා පසුකාලීනව තම ජීවිතය ගීතය සහ සංගීතය තුළ පමණක් රඳවමින් අතිශය ජනප්‍රිය ගීත සමුච්චයක හිමිකාරයකු බවට පත්විය. සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ ‘කලාකරු සුවදම්’ වැඩසටහන යටතේ කලාකරුවන්ගේ සුවදුක් විමසීම සිදු කෙරේ.

සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, කළමනාකරණ සේවා නිලධාරිනි දිනිති ඩී. ගරුසිංහ, සංවර්ධන නිලධාරිනි ශ්‍යාමලී බණ්ඩාර මහත්මීහු රාජ්‍ය සංගීත කණ්ඩායමේ සංගීත ශිල්පීන් වන තිළිණි දර්ශිකා, කලණ බාසුරු, බුද්ධික අමිත් රත්නායක ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT