Home » රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF/ETF ගෙවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

රාජ්‍ය වතු සේවකයන්ගේ නොගෙවූ EPF/ETF ගෙවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට

අධිභාර ඇතුළුව ගෙවීමට ඇති සම්පූර්ණ මුදල රු. කෝටි 500ක් - ඇමැති ආචාර්ය රංජිත් සියඹලාපිටිය

by sachintha
April 18, 2024 1:03 am 0 comment

රාජ්‍ය වැවිලි ව්‍යවසායන් යටතේ සේවය කරන සේවකයන්ගේ නොගෙවූ සේවක අර්ථසාධක සහ සේවා නියුක්තයන්ගේ භාරකාර අරමුදල් ගෙවීම් සිදු කිරීමට අදාළ කැබිනට් පත්‍රිකාව ලබන සතියේ ඇමැති මණ්ඩලය වෙත යොමු කරන බව වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. ඒ අනුව සේවක අර්ථසාධක අරමුදලේ සහ සේවා නියුක්තයන්ගේ භාර අරමුදලේ අධිභාරයන් සමඟ රුපියල් කෝටි 500කට අධික මුදලක් ගෙවීමට නියමිත බවද හෙතෙම කීවේය. පසුගියදා පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් කරමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

වසරේ පළමු රාජකාරිය ලෙස තමා ඊට අවශ්‍ය උපදෙස් අමාත්‍යාංශ ලේකම්වරයා වෙත දීමට කටයුතු කළ බව පැවසූ රාජ්‍ය ඇමැතිවරයා වැවිලි ව්‍යවසාය ප්‍රතිසංස්කරණ ඇරඹිය යුත්තේ කම්කරු ජනතාවගේ නීත්‍යනුකූල අයිතීන් ආරක්ෂා කරමින් බවද කියා සිටියේය. මේ සම්බන්ධයෙන් දැනට සේවක පාර්ශ්වය විසින් නඩු 2,000කට අධික ප්‍රමාණයක් පනවා ඇති අතර, ඒ වෙනුවෙන් අදාළ ආයතනවලට නීතිඥ ගාස්තු ලෙස විශාල මුදලක්ද වැය වන බව රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT