Home » බෙරලපනාතර වි.සේ.ස. සමිතියේ සාමාජිකයන්ගේ ශිෂ්‍යත්ව සමත් දූදරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්

බෙරලපනාතර වි.සේ.ස. සමිතියේ සාමාජිකයන්ගේ ශිෂ්‍යත්ව සමත් දූදරුවන්ට ශිෂ්‍යත්ව ප්‍රදානයක්

by sachintha
April 18, 2024 1:00 am 0 comment

2023 වසර 5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය සමත් සාමාජිකයන්ගේ දූදරුවන් 80ක් සදහා රුපියල් 30,000 බැගින් වූ ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතිය විසින් බෙරලපනාතර ගල්බොක්කදී පසුගියදා සිදු කෙරිණි.

වසර 20කට අධික කාලයක සිට මේ ශිෂ්‍යත්ව පිරිනැමීම සිදු කරනු ලබන අතර, මේ අවස්ථාවට මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නිපුණ රණවක, දකුණු පළාත් සමුපකාර සංවර්ධන කොමසරිස් හා රෙජිස්ට්‍රාර් කේ.පී.ජී. සුමිත් ශාන්ත, සීමාසහිත බෙරලපනාතර විවිධ සේවා සමුපකාර සමිතියේ සභාපති කේ. ජයන්ත සේසිරි මහත්වරුන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩලය සහභාගි වී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT