Home » වයඹ කුමාරි ‘අයිස් රැජින’ මාට්ටු

වයඹ කුමාරි ‘අයිස් රැජින’ මාට්ටු

by sachintha
April 18, 2024 1:00 am 0 comment

හලාවත සිට ප්‍රදේශ රැසකට ඊෂී කෑෂ් හා තවත් ක්‍රම රැසක් යොදා ගනිමින් අයිස් ජාවාරමේ නිරත මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියක් වූ සැකකාරියක් මුන්දලම පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මාස දෙකකට ආසන්න කාලයක සිට රැකවල්ලා සිට අත්අඩංගුවට ගැනීමට සමත්ව ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුන්දලම අගුනවිල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතවූ වයඹ කුමාරි නමින් හැඳින්වෙන කාන්තාවක් බව පොලිසිය පවසයි.

යුක්තිය මෙහෙයුමට සමගාමීව මුන්දලම පොලිසියේ නිලධාරීන් විසින් වයඹ කුමාරි නමින් හැඳින්වූ අයිස් රැජින යන අන්වර්ථ නාමයෙන් සිටි සැකකාරිය මෙසේ අත්අඩංගුවට ගෙන තිබුණි.

මෙම සැකකාරිය ඊෂි කෑෂ් ක්‍රමයට හා ජංගම දුරකතන මඟින් ලබා දෙන ඇණවුම් අදාළ ස්ථානයටම ලබා දීම දීර්ඝ කාලයක සිට කරගෙන ගොස් ඇති බව පොලිසිය පැවසීය.

යතුරුපැදියේ කිසිවකුට සැක නොසිතන ලෙස ගමන් කරමින් හලාවත සිට මුන්දලම දක්වා ප්‍රදේශ ගණනාවකට මෙම කාන්තාව තම මත්ද්‍රව්‍ය ජාවාරම ක්‍රියාත්මක කර ඇති අතර මෙම සැකකාරිය කොටු කර ගැනීමට මාස දෙකකට ආසන්න කාලයක් පොලිස් කණ්ඩායම් කීපයක් මහත් පරිශ්‍රමයක් දැරූ බවද පොලිසිය පැවසීය.

යතුරුපැදියෙන් අදාළ සැකකාරිය අයිස් මත්ද්‍රව්‍ය බෙදා හරිමින් සිටියදී උඩප්පුව මංසන්දියෙදී අත්අඩංගුවට ගැනීමට මුන්දලම පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක අසිත ලක්රුවන් මහතාගේ උපදෙස් මත අපරාධ අංශ ස්ථානාධිපති පොලිස් සැරයන් 38085 අමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් මෙම අත්අඩංගුවට ගැනීමට එක්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය සතුව තිබූ රුපියල් රුපියල් ලක්ෂ දෙකකට ආසන්න අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විවිධ බැංකුවලට අයත් ATM කාඩ් පත් හා ජංගම දුරකතන සහ රුපියල් දසදහසකට ආසන්න මුදලක් අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකාරිය පුත්තලම අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු වැඩ බලන මහේස්ත්‍රාත්වරයා විසින් මෙම සැකකාරිය දින හතක් රඳවා ප්‍රශ්න කිරීමේ නියෝගය නිකුත් කර ඇත.

පුත්තලම අතිරේක හිරාන් ප්‍රියංකර ජයසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT