Home » සා/පෙළ විභාග‍ ප්‍රවේශපත්‍ර සියලු පාසල්වලට යවා අවසන් – විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

සා/පෙළ විභාග‍ ප්‍රවේශපත්‍ර සියලු පාසල්වලට යවා අවසන් – විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර

by sachintha
April 18, 2024 1:24 am 0 comment

ලබන මැයි මස 6 වැනිදා ආරම්භ කිරීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රවේශපත්‍ර සියලු පාසල්වලට ඊයේ (17) වන විට යවා අවසන් කළ බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා ‘දිනමිණට‘ ඊයේ (17) පැවැසීය. පෞද්ගලික විභාග අයැදුම්කරුවන්ගේ ප්‍රවේශපත්‍රද 20 වැනිදා වන විට තැපැල් කර අවසන් කරන බව හෙතෙම කීවේය.

යම් අපේක්ෂකයකුට ප්‍රවේශපත්‍ර සම්බන්ධව ගැටලුවක් ඇත්නම් ඒවා නිරාකරණය කර ගැනීමට 22 වැනිදා සිට 29 වැනිදා දක්වා ඔන්ලයින් ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙන අතර විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවියට පිවිසීමෙන් එම සේවාව ලබාගත හැකිය.

මෙම ගැටලු විසඳා ගැනීමේ කාල සීමාවෙන් පසුව අමතර තවත් කාලයක් අපේක්ෂකයන්ට ලබාදීමට අපහසු වනු ඇති බව ද විභාග කොමසාරිස්වරයා වැඩිදුරටත් කීවේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT