Home » ඉරාන ජනාධිපති පාකිස්තාන සංචාරය අරඹයි

ඉරාන ජනාධිපති පාකිස්තාන සංචාරය අරඹයි

by sachintha
April 23, 2024 1:46 am 0 comment

ඊශ්‍රායලය සහ ඉරානය අතර යුදමය උණුසුම අතරතුරදීම ඉරාන ජනාධිපති ඉබ්‍රාහිම් රයිසි තුන්දින සංචාරයක් සඳහා පාකිස්තානයට පැමිණි බව එරට මාධ්‍ය වාර්තා කළේය. ඊයේ උදෑසන ඉස්ලාමාබාද් ගුවන්තොටුපොළෙන් පාකිස්තානයට ගොඩ බට ඉරාන ජනාධිපතිවරයා සමඟ එරට ඉහළම මට්ටමේ රාජ්‍යතාන්ත්‍රිකයන් පිරිසක් ද පැමිණි බව වැඩිදුරටත් වාර්තා වේ.

සිය සංචාරය අතරතුරදී පාකිස්තාන ජනාධිපතිවරයා සහ අගමැතිවරයා මුණ ගැසී සාකච්ඡා කිරීමට නියමිත බවත්, සංචාරය නිමිත්තෙන් දෙරටේ ඇමැතිවරුන් අතර අවබෝධතා ගිවිසුම් කිහිපයකට අත්සන් තබනු ඇති බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය. ඉරාන ජනාධිපතිවරයා සිය සංචාරය අතරතුර දී පාකිස්තාන පාර්ලිමේන්තුවේ කතානායකවරයා සහ ප්‍රාන්ත ප්‍රධාන ඇමැතිවරුන් මුණ ගැසීමට ද නියමිතය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT