Home » මාලිමා නායකයා හමු වීමට චීන කොමියුනිස්ට් පක්ෂ දූත පිරිසක්

මාලිමා නායකයා හමු වීමට චීන කොමියුනිස්ට් පක්ෂ දූත පිරිසක්

by sachintha
April 24, 2024 2:00 am 0 comment

චීන කොමියුනිස්ට් පක්ෂයේ දූත පිරිසක් ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා බත්තරමුල්ල, පැලවත්තේ පිහිටි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (23) පෙරවරුවේ හමු වී තිබේ.

මේ හමුවට චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ඇමැති හා එම පක්ෂයේ මධ්‍යම කාරක සභික සුං හයියෑං, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලින් තාඕ, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ කවුන්සලර් ‍ශෙං ෂියැංග්යුආන්, චීන කොමියුනිස්ට් පක්ෂයේ ජාත්‍යන්තර කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ලි ජින්යෑන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ වෙන් ජුන්, නියෝජ්‍ය ඇමැතිවරයාගේ ලේකම් ජින් යෑං, ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයේ තෙවැනි ලේකම් ජින් එන්සේ හා භාෂා පරිවර්තක ශැං ගුයූ මහත්ම මහත්මීහු සහභාගි වූහ. ජාතික ජන බලවේගය නියෝජනය කරමින් ජාතික විධායක සභිකයන් වන විජිත හේරත්, ආචාර්ය හරිනි අමරසූරිය, මහාචාර්ය අනිල් ජයන්ත ප්‍රනාන්දු, සුනිල් හඳුන්නෙත්ති මහත්ම මහත්මීහුද මේ අවස්ථාවට එක්ව සිටියහ.

උපාලි කරුණාරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT