Home » ආණ්ඩු දෙකක ජනාධිපතිවරුන් දෙන්නෙක් පාස්කු ප්‍රහාරයේ සත්‍යය වසන්කළා

ආණ්ඩු දෙකක ජනාධිපතිවරුන් දෙන්නෙක් පාස්කු ප්‍රහාරයේ සත්‍යය වසන්කළා

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ආණ්ඩු දෙකක ජනාධිපතිවරුන් දෙන්නෙක් පාස්කු ප්‍රහාරයේ සත්‍යය සැඟවූවාට සත්‍යය හෙළිදරව් කර මිස නතර නොවෙන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රතිඥාවක් දෙමින් පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවැසීය.

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වූ විවාදයට එක්වෙමින් විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියේය.

විපක්ෂ නායකවරයා මෙසේ ද පැවැසුවේය.

“ජනතා ආශීර්වාදයෙන් බිහි වන සමගි ජනබලවේග ආණ්ඩුව තුළ පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් ගන්න ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මා පැහැදිලි කිරීමට කැමතියි. ඒ යටතේ 1948 අංක 17 දරන පරීක්ෂණ කොමිෂන් සභා පනතේ 2 (1) ඈ වගන්තිය යටතේ දේශීය හා විදේශීය විනිසුරුවන් හා විමර්ශකයන්ගෙන් සමන්විත විශේෂ විමර්ශන කොමිෂන් සභාවක් පිහිටුවා කොන්දේසි විරහිතව විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් පවත්වනවා.

විශේෂ අධිකරණයක් පිහිටුවා මේ ගැටලුව විසඳීමට අපි කටයුතු කරනවා. ස්වාධීන රජයේ අධිචෝදක කාර්යාලයක් ද ස්ථාපිත කරලා මේ හරහා පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ, මුල් වූ, දායක වූ කණ්ඩායම්, මහමොළකරුවන්, ත්‍රස්තවාදීන් නීතිය හමුවට ගෙනවිත් ඉහළම දඩුවම් ලබා දීමට පැකිළෙන්නේ නැහැ. සියලු දේ රටේ ජනතාවගේ දැනුම්වත් වීම උදෙසා අද දින හැන්සාඩ්ගත කරනවා. සත්‍යය සොයනවා කියපු ගෝඨාභය ආණ්ඩුව සත්‍යය වසන් කළා. ගෝඨාභය රාජපක්ෂ රජය පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුවන් ලෙස හිජාස් හිස්බුල්ලා, රිෂාඩ් බදියුදීන්, රියාඩ් බදියුදීන් නම් කර සිටියා. ගෝඨාභය රාජපක්ෂ පටන් ගත් දින සිටම පරීක්ෂණ යට ගැසීමට කටයුතු කළා. සී.අයි.ඩී. එකේ ශානි අබේසේකර ප්‍රමුඛ 30 දෙනෙකු මාරු කිරීම, පරීක්ෂණ කටයුතු මෙහෙයවූ ශානි අබේසේකර නිලයෙන් පහළට දමා දකුණේ ඩී.අයි.ජී. කෙනෙකුගේ පෞද්ගලික සහකාරයකු ලෙස පත් කර විමර්ශන නතර කර සත්‍යය යටපත් කිරීම වැනි අකටයුතුකම් රැසක්ම රාජපක්ෂ ආණ්ඩුව සිදු කළා.”

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT