Sunday, May 5, 2024
Home » කෝටි ගානක මැණික් ගලක් ඇල්ලේ හෝටලයක වෙන්දේසියේ

කෝටි ගානක මැණික් ගලක් ඇල්ලේ හෝටලයක වෙන්දේසියේ

by sachintha
April 26, 2024 1:59 am 0 comment

අමෙරිකන් ඩොලර් මිලියන 60ක මිලකට තක්සේරු කර ඇතැයි පැවැසෙන කොරන්ඩම් වර්ගයේ විශාල මැණික් ගලක් මේ වන විට ඇල්ල ප්‍රදේශයේ හෝටලයක අලෙවිය සඳහා තැන්පත් කර තිබේ.

වර්ෂ 2022දී බළන්ගොඩ රජවක ප්‍රදේශයේ මැණික් පතලකින් හමුවූ නිල් හා සුදු පැහැති මෙම කොරන්ඩම් ස්ඵටිකය කිලෝග්‍රෑම් 802ක් බර වන අතර රුපියල් කෝටි ගණනක් වටිනා බව ද මේ වන විට ගැනුම්කරුවන්ට පරික්ෂා කොට මිල ගණන් ඉදිරිපත් කිරීමට අවස්ථාව සලසමින් ප්‍රදර්ශනය කරන බව ද එම මැණික් ගල භාරව සිටින කුෂාන් පී. සෙනෙවිරත්න මහතා පවසයි. එසේම මේ වන විටත් ගැනුම්කරුවන් කිහිපදෙනෙක් මෙම ගල පරික්ෂා කර බලා මිල ගණන් ඉදිරිපත් කර ඇති බවත් තවදුරටත් ගැණුම්කරුවන්ට ඒ සඳහා අවස්ථාව ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

අදාළ අංශයන් මඟින් ලබා ගත් සහතික හා තක්සේරු වාර්තා ද සමඟ මේ වන විට ලංකාවේ ඇති කොරන්ඩම් වර්ගයේ විශාලම කෞතුකාගාර ගල බව කියන මෙම මැණික් ගල ප්‍රදර්ශනය සඳහා තැන්පත් කොට ඇත්තේ ඇල්ල මවුන්ට් හෙවන් හෝටලයේය.

හාලිඇළ සමූහ – ආර්.එම්. විජේරත්න

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT