Home » පොල් වගාවේ සුදු මැස්සා පාලනයට සාර්ථක පරපෝෂිතයෙක්

පොල් වගාවේ සුදු මැස්සා පාලනයට සාර්ථක පරපෝෂිතයෙක්

by sachintha
April 26, 2024 1:58 am 0 comment

පරපෝෂිතයා නිෂ්පාදනය කිරීමට පුහුණු ශ්‍රමිකයන් නෑඋද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය පවසයි

පොල් වගාව අඩාළ කරමින් දිවයින පුරා පැතිරී යන සුදු මැස්සා පාලනය සඳහා පරපෝෂිතයකු හඳුන්වා දී ඇතැයි උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය පවසයි. එංකශයා ගවුෂලුබිනම් විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන මෙම පරපෝෂිතයා දෙබර කුලයේ සත්ත්වයෙකි. සුදු මැස්සාගේ ජීවන චක්‍රයේ දෙවන හා තුන්වන අවස්ථාවල පරපෝෂිතයා බිත්තර දැමීම සිදුවන අතර එම බිත්තරවලින් පිටවෙන කීටයන් සුදු මැස්සාගේ ජීවන චක්‍රයෙහි දෙක තුන අවස්ථාවට ඇතුළු වී යුෂ උරා බී වර්ධනය වෙමින් කෝෂගතවීම සිදු වී සුහුඹුලෙකු ලෙස පිටව යෑම සිදුවේ. එමඟින් සුදු මැස්සාගේ ජීවන චක්‍රය සහමුලින්ම අඩාළ වී යන අතර එය සුදු මැස්සා පාලනයට සාර්ථකම විසඳුම බව උද්‍යාන හා පර්යේෂණ ආයතනයේ සංවර්ධන නිලධාරිනී අමිලා අත්තනායක සඳහන් කළාය.

සුදු මැස්සා පාලනය කරන පරපෝෂිතයින් පැකට්ටුවක අසුරා නිකුත් කෙරෙන අතර පොල් වගාව තුළ තැනින් තැන එල්ලා තැබීමෙන් පරපෝෂිතයා පොල් වගාවට මුදාහරිනු ඇත. වගාකරුවන්ට තම අවශ්‍යතාවය දැනුම් දී ගන්නොරුව උද්‍යාන භෝග හා පර්යේෂණ ආයතනය වෙත පැමිණ ලබාගත හැකි අතර, එසේත් නැත්නම් මාර්ගගත (කුරියර්) ක්‍රමයක් මාර්ගයෙන් තම වගා බිමට මෙම පරපෝෂිතයන් ගෙන්වා ගැනීමට අවස්ථාව සලසා දී ඇතැයි නිලධාරියෙකු සඳහන් කළේය.

කෙසේ වෙතත් දැනට පවතින බරපතළම ගැටලුව වී ඇත්තේ මෙම පරපෝෂිතයා නිෂ්පාදනය කිරීමට ඇත්තේ එක් කුඩා රසායනාගාරයක් පමණක් වීමයි. දිවයිනටම අවශ්‍ය පරපෝෂිතයන් නිෂ්පාදනය කිරීම සඳහා පුහුණුව ලත්, එකම නිලධාරියෙකු පමණක් මෙම කටයුත්තට යොදවා ඇති බවත්, ඉල්ලුම් කරන ප්‍රමාණයෙන් සියයට එකක්වත් සපුරා ගැනීමට නොහැකි වී ඇති බවද උද්‍යාන භෝග හා පරීක්ෂණ ආයතනයේ උසස් නිලධාරියකු සඳහන් කළේය. මේ පිළිබඳව අවස්ථා කිහිපයක්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ අදාළ නිලධාරීන් දැනුම්වත් කළද මෙතෙක් ඒ පිළිබඳව බලධාරීන්ගේ අවධානය යොමු වී නැති බවද ඔහු සඳහන් කළේය.

සුදු මැස්සා හානියෙන් මේ වන විට දිවයිනේ සෑම දිස්ත්‍රික්කයකම පොල් වගාව අඩාළ වෙමින් පවතින අතර, පොල් මිල ඉහළ යෑමට හේතුවද මෙය බව පර්යේෂකයෝ පෙන්වා දෙති.

තිස්සමහාරාම – අමිල සම්පත්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT