Sunday, May 5, 2024
Home » අපරාධකරුවන් මෙරටින් තුරන් කිරීම පවක් නොවෙයි – මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

අපරාධකරුවන් මෙරටින් තුරන් කිරීම පවක් නොවෙයි – මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස්

by sachintha
April 26, 2024 1:12 am 0 comment

අපරාධකරුවන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි.අතේ තිබෙන වෙපන් එක පාවිච්චි කරන්න බය වෙන්න එපා යැයි මහජන ආරක්ෂක ඇමැති ටිරාන් අලස් මහතා ඊයේ (25) පැවසීය. ඒ මහතා මේ බව සඳහන් කළේ කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකායේ ක්ෂණික විහිදුම් යතුරුපැදි පාඨමාලාව හැදෑරූ පොලිස් නිලධාරීන්ගේ විසිරයෑමේ පෙළපාළියේදී අදහස් දක්වමිනි.

එහිදී වැඩිදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

අපි ඔබලා වෙනුවෙන් හරිදේට පෙනී සිටිනවා. මම මෙතැන වැඩිය කතා කරන්න ඕනෑ නැහැ. මෙතැන ඉන්න අය මොකක්ද කරන්න ඕනෑ කියා දන්නවා.

මොකක්ද අවශ්‍යතාව කියා හැමදේම දන්නවා. මේ කණ්ඩායම මදි වුණොත් තව පොලිස් යතුරුපැදි කණ්ඩායමක් පිහිටුවනවා. අපට ඉලක්කයක් තිබෙනවා. ඒ ඉලක්කය මොකක්ද කියා සියලු පොලිස් නිලධාරීන් දන්නවා. මට අවශ්‍ය ඒ ඉලක්කයට යන්න පමණයි. ඔබලා සියලු දෙනාටම පඩි වැඩි කිරීම් ඇතුළු හැමදෙයක්ම කළා. මම ඔබගෙන් බලාපොරොත්තු වෙන්නේ ඉලක්කයට යෑම පමණයි.

කුඩු විකුණන, පාතාලයට සම්බන්ධ, මිනී මරණ පුද්ගලයන් මේ රටින් තුරන් කිරීම පවක් නොවෙයි. ඒ නිසා ඔබේ ඉලක්කයට ඔබ යන්න.

මේ වැඩේ පොලිස්පතිගේ නායකත්වයෙන් මගේ උපදෙස් පරිදි කරගෙන ගිහින් මේ රට හොඳ තැනකට ගෙනියමු යැයිද වැඩිදුරටත් පැවසීය.

පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT