Monday, May 6, 2024
Home » ජනපති විමධ්‍යගත අරමුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගම සංවර්ධනයට මුදල් – ඇමැති මහින්ද අමරවීර

ජනපති විමධ්‍යගත අරමුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ගම සංවර්ධනයට මුදල් – ඇමැති මහින්ද අමරවීර

by sachintha
April 26, 2024 1:12 am 0 comment

කොවිඩ් වසංගතයෙන් මෙන්ම පැවති ආර්ථික අර්බුදයෙන් පසු පළමු වරට විමධ්‍යගත අරමුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වසරේදී කටයුතු කර ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත ඇමැති මහින්ද අමරවීර මහතා පවසයි.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සංවර්ධන ක්‍රියාකාරින්ගේ රැස්වීමකදීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ගමට ගොස් මේ මුදල් යොදවමින් ගම සංවර්ධනය කිරීමේ කටයුතු කඩිනමින් ආරම්භ කළ යුතුයි. විමධ්‍යගත අරමුදලින් දුන් වැඩිම ප්‍රතිපාදන බස්නාහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වී තිබෙනවා. එක් මන්ත්‍රීවරයකුට හිමි වී ඇති මුදල රුපියල් මිලියන 40ක්. දකුණු පළාතේ එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට රුපියල් මිලියන 10ක් හිමි වෙනවා. නැඟෙනහිර පළාතේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුට හිමි වන මුදල රුපියල් මිලියන 20ක්. අනෙක් පළාත්වල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ද සැලකිය යුතු ප්‍රතිපාදන විමධ්‍යගත අරමුදලින් හිමිව තිබෙන නිසා මේ මුදල් යොදවමින් තමන්ගේ ගම්වල ජනතාවගේ ආර්ථික සහ සමාජීය සංවර්ධනයට කඩිනමින් පියවර ගත යුතුයි.

කොවිඩ් වසංගතය මෙන්ම පසුගිය කාලයේ රට මුහුණ දුන් ආර්ථික අර්බුදය නිසා ගම සංවර්ධනයේදී වූ අභියෝග ජය ගැනීමට විමධ්‍යගත අරමුදලින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මුදල් දීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කටයුතු යෙදීම අගය කළ යුතුයි.”

 

බුද්ධිකා ඉඹුලාන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT