Sunday, May 5, 2024
Home » අභියෝග ජය ගැනීමට කළ කැපකිරීම්වල ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා – ඇමැති ශෙහාන් සේමසිංහ

අභියෝග ජය ගැනීමට කළ කැපකිරීම්වල ප්‍රතිඵල ලැබෙමින් පවතිනවා – ඇමැති ශෙහාන් සේමසිංහ

by sachintha
April 26, 2024 1:11 am 0 comment

මෑත කාලයේ ශ්‍රී ලංකාව මුහුණ දුන් අභියෝග ජයගැනීමට ක්‍රියාත්මක කළ කැප කිරීම් සහ අසීරු තීන්දුවල ප්‍රතිඵල ලැබෙමින් පවතින බව මුදල් රාජ්‍ය ඇමැති ශෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කරයි.

මේ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය ඇමැතිවරයා මෙලෙස ද කීවේය.

“මේ වසරේ පෙබරවාරි මාසයේ පැවති සියයට 5.1ක උද්ධමන අනුපාතයට සාපේක්ෂව මාර්තු මාසයේදී සියයට 2.5 දක්වා පහළ ගොස් තිබෙනවා. මේ වසරේ මාර්තු මාසයේ උද්ධමන අනුපාතය සියයට 2.5 දක්වා අඩුවී තිබෙනවා. පෙබරවාරි මාසයේ දී එම උද්ධමන අනුපාතය සියයට 5.1 ලෙස සනිටුහන් වූණා. ආහාර උද්ධමනය සියයට 5 මට්ටමේ පවත්වාගෙන යෑමට හැකිවී තිබෙනවා. ආහාර නොවන උද්ධමනය සියයට 0.7 දක්වා පහළ ගොස් තිබෙනවා. 2022දී මෙරට උද්ධමනය සියයට 70ක් දක්වා ඉහළ ගියා. ආහාර උද්ධමනය දැක්වුණේ සියයට 95ක් ලෙසයි.

උද්ධමනය පහළ යෑමෙන් භාණ්ඩ බිල ක්ෂණික අඩුවීමක් සිදු නොවුණත් මිල ඉහළයෑමේ මන්දගාමී වීමක් සිදු වෙනවා. දීර්ඝ කාලීනව වැරැදි මූල්‍ය ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ ප්‍රතිඵලයක් ලෙස හට ගත් ආර්ථික අර්බුදයකට මුහුණදීම පහසු කටයුත්තක් නොවේ. එය අභියෝග සහ දැඩි තීරණ සමඟ යා යුතු ගමනක්.

උත්සාහය සහ සාමූහික කැපකිරීම්වලින් ආර්ථික දියුණුව කරා ගමන් කරමින් සිටින මේ අවස්ථාවේ තවදුරටත් ආර්ථිකය ශක්තිමත් කිරීමට කැපවීම ප්‍රදර්ශනය කළ යුතුයි.”

මහින්ද අලුත්ගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT