Sunday, May 5, 2024
Home » ශ්‍රීලනිප අර්බුදය රටට විහිළු සපයනවා – මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස්

ශ්‍රීලනිප අර්බුදය රටට විහිළු සපයනවා – මන්ත්‍රී, මහාචාර්ය ජී.එල්. පීරිස්

by sachintha
April 26, 2024 1:13 am 0 comment

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අර්බුදය රටට විහිළු සපයන බව පාර්ලිමේන්තු මන්ත්‍රී, මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පැවැසීය.

මන්ත්‍රීවරයා මේ බව පැවැසුවේ පසුගියදා (22) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා මෙලෙස ද කීවේය.

“ජනතා වරමක් සහිත ආණ්ඩුවක් හැකි ඉක්මනින් ජනතාවට දීමට පොදු විපක්ෂය එකා මෙන් අත්වැල් බැඳගෙන සිටිනවා. බලයට පත්වන අභිනව රජයක් යටතේ ප්‍රමුඛ කාර්යභාරය වන්නේ වංචා සහ දූෂණ නැති කර ජනතාවට සාධාරණයක් ඉෂ්ට කිරීමයි.

සමස්ත ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 27ක්. මින් අමෙරිකානු ඩොලර් බිලියන 13ක් ජාත්‍යන්තර ස්වෛරී බැඳුම්කර සහ ප්‍රාථමික බැඳුම්කර. මේවා සම්බන්ධ කිසිදු එකඟතාවක් මේ වනතුරු දී නෑ. ප්‍රශස්තිකරණය සහ ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ නාමයෙන් මෙතෙක් දුරට කර ඇත්තේ දේශීය ණය පියවා ගැනීමට සේවක අර්ථසාධක අරමුදල සහ සේවක භාරකාර අරමුදල ආක්‍රමණය කිරීම පමණයි. දේශීය ණය සම්බන්ධයෙන් කිසිදු පියවරක් නොගන්නා බව රජය දිගින් දිගට ප්‍රකාශ කළා. නමුත් එය සම්පූර්ණ අසත්‍යයක්. ”

නුවන් කොඩිකාර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT