Home » බඹරකිරිඇල්ලට එන සංචාරකයන්ගේ ආරක්ෂාව සලසන්න

බඹරකිරිඇල්ලට එන සංචාරකයන්ගේ ආරක්ෂාව සලසන්න

by sachintha
April 26, 2024 1:46 am 0 comment

මේ වන විට ජීවිත 41ක් බිලි ගත් බඹරකිරිඇල්ල ඉතා සුන්දර වුවත් එය ආරක්ෂා සහිතව පවත්වාගෙන යෑමටත් දිය රකුසා බිලිගත් තරුණ ජීවිත ප්‍රමාණය ගැන දැන හෝ නොදැන ඇල්ල නැරඹීමට පැමිණෙන සංචාරකයින් දැනුවත් කිරීමට හෝ කිසිදු වැඩපිළිවෙළක් ගෙන නොමැති බව ජනතාව පවසති. රත්තොට ප්‍රාදේශීය සභාව මඟින් පිරිස් සඳහා ප්‍රවේශ පතක් නිකුත් කිරීමට පියවර ගෙන ඇතත් සංචාරකයින් දැනුවත් කිරීමට හෝ කිසිදු ආරක්ෂක වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොමැති බවද දෙස් විදෙස් සංචාරකයෝ පවසති. දිය ඇල්ල නැරඹීමට එන සංචාරකයින් සඳහා දිය නෑමට ආරක්ෂිත ස්ථාන ඉදි කිරීමට පියවර ගෙන නොමැත. වැසිකිළි කැසිකිළි පහසුකම් නොමැති නිසා බොහෝ සංචාරකයින් දියඇල්ල ආසන්නයේ සිය ශාරීරික අවශ්‍යතාවයන් ඉටු කර ගැනීමෙන් ජලයට අපද්‍රව්‍ය එක් වන බවද ප්‍රදේශවාසීහු පවසති.

නිවාඩු දිනයන්හි දියඇල්ල නැරඹීමට විශාල පිරිසක් එක්වන අතර තරුණ කණ්ඩායම් ජීවිත බිලිගත් මාරකවලට ඉහළින් රැඳී සිටින අයුරු ද දැක ගත හැකිය.

උකුවෙල සංචාරක ප්‍රියන්ත සුමනසේන

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT