රමිත් රඹුක්වැල්ලට ඇප -update | දිනමිණ

රමිත් රඹුක්වැල්ලට ඇප -update

අත්අඩංගුවට පත් රමිත් රඹුක්වැල්ල පොලිස් ඇප මත මුදාහළ පොලිසිය ලබන 27 වැනිදා අලුත්කඩේ අංක 7 අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඔවුනට දැන්වීය.
 
ඔහු වෛද්‍ය පරීක්ෂණයකට භාජනය කැරිණි. වෛද්‍ය වාර්තාව ද පොලිසියට ලබාදී ඇත. එම වාර්තාව ඔහුට අවාසි සහගත බව දැනගන්නට තිබේ.
 

රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට - update

ක්‍රිකට්  ක්‍රිඩක සහ මන්ත්‍රි කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ කුරුදුවත්ත පොලිසිය විසින්.

ඔහු පැද වු කාරය ශ්‍රාවස්ථි මන්දිරය පෙදෙසේ සිට නිදහස් මාවතට  හරවද්දී  පාරෙන් ඔබ්බට පැන පදික වේදිකාව දිගේ  ධාවනය වී තාප්පයක ගැටී  ඇතැයි ද ඔහු මත්පැන් බී  සිටියේ දැයි  සොයා බැලීමට  පරික්ෂණ කරන බව පොලිසිය පවසයි.

අදහස් 1ක් ඇත

lokkonge putthuth, ekayi ara badagiriye duppath kollath ekayi, meokkoma kollo ekama waradimayi karanne, mekath samanathmathawaye laksanayak wageya,

නව අදහස දක්වන්න