Home » දෙනගම සිරිවර්ධනගේ ‘බරවාකුඹුරේ සියදෝරිස්’ මංගල දැක්ම 30 දා

දෙනගම සිරිවර්ධනගේ ‘බරවාකුඹුරේ සියදෝරිස්’ මංගල දැක්ම 30 දා

by sachintha
July 20, 2023 1:00 am 0 comment

දෙනගම සිරිවර්ධනයන් විසින් රචිත විශේෂාංග රචනයක් ඇසුරින් ජගත් මුතුකුමාරණ මහතා විසින් නිර්මාණය කරන ලද “බරවාකුඹුරේ සියදෝරිස්” වේදිකා නාට්‍යයයේ මංගල දැක්ම එළැඹෙන 30 වැනිදා පස්වරු 2.30ට සහ 6.30ට මහරගම ජනාධිපති විද්‍යාලයීය රංගශාලාවේදී රංගගත කිරීමට නියමිතය. මෙය දෙනගම සිරිවර්ධන සූරීන්ගේ බරවාකුඹුරේ සියදෝරිස් ව්‍යාපාරය නම් වූ විශේෂාංග රචනය ඇසුරෙන් නිර්මාණය කරන ලද වේදිකා නාට්‍යය නිර්මාණයකි. සත්‍ය සිදුවීමක් වූ මේ පුවත දෙනගම සිරිවර්ධන මහතා දිවයින ඉරිදා සංග්‍රහයටද ලියූ අතර පසුව ඔහු විශේෂාංග රචනය පිළිබඳ ප්‍රායෝගික විමර්ශනය නමැති ඔහුගේ කෘතියේ එය පළ කළේය. පසුව එය අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ 10 ශ්‍රේණියේ සිංහල භාෂාව හා සාහිත්‍යය පෙළ පොතටද ඇතුළත් කරන ලදි.

මහරගම සංහිඳ සංස්කෘතික සංසඳයේ ඉදිරිපත් කිරීමක් වශයෙන් සිදු කරන මෙම අවස්ථාවට නාට්‍යයේ කථානායකයා වන සියදෝරිස් ගොවි මහතා ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වීමට නියමිත අතර, මෙහිදී හතළිස් වසරකට පෙර ගොවි ජනතාව වෙනුවෙන් සිදු කළ වීර ක්‍රියාව අගය කරමින් උපහාර පිදීමක්ද සිදු වේ.

නෙත්මි පූජනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT