Saturday, April 27, 2024
Home » අයියෝ සාමී ගීතයට වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක්

අයියෝ සාමී ගීතයට වින්ඩිට ජාත්‍යන්තර සම්මානයක්

by yasara
March 27, 2024 10:32 am 0 comment

ශ්‍රී ලාංකික ද්‍රවිඩ ගීතයක් වන” අයියෝ සාමිනේ ” ගීතය ගායනා කරන වින්ඩි ගුණතිලක , දකුණු ඉන්දියාවේ චෙන්නායි නුවර පැවති 16 වන එඩිසන් සම්මාන උළෙලේ දී ( 16 th Edison Awards ) 2023 වසරේ ඉදිරිපත් වූ විශිෂ්ඨතම සංවේදී ගීතයට (Best Sensational Song of the Year – 2023 ) හිමි සම්මානය හිමි කර ගෙන ඊයේ (26)  දින රාත්‍රී කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියාය .

මෙම සම්මාන උළෙල ජාත්‍යන්තර චිත්‍රපට සහ ගීත ඇගැයීම සදහා පවත්වනු ලබන අතර , මෙම සම්මාන උළෙල  ඉකුත් 24 දින ඉන්දියාවේ චෙන්නායි නුවර පවත්වා තිබුණි .

මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට මෙම ගීතය රචනා කළ පොතුවිල් අස්මින් සහ මෙම ගීතය සදහා සංගීත‍ය නිර්මාණය කළ සනුක වික්‍රමසිංහ ද එක් වී සිටියහ .

මෙම පිරිස  ඊයේ (06) රාත්‍රී 06.10 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 218 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .

එසේම වින්ඩි ගුණතිලකගේ දෙමාපියන් වන රූකාන්ත ගුණතිලක , චන්ද්‍රලේඛා පෙරේරා ද සනුක වික්‍රමසිංහගේ පියා වන සංගීත් වික්‍රමසිංහ ඇතුළු විශාල පිරිසක් මෙම සම්මාන ලබා ගන්නා අවස්ථාවට සහභාගී වීම සදහා ඉන්දියාවේ චෙන්නායි නුවර වෙත ගොස් තිබුණි .

කටුනායක ගුවන් තොටුපොළේ දී ගායිකා වින්දි ගුණතිලක තම ” අයියෝ සාමිනේ ” ගීතය ජාත්‍යන්තර ගීත දර්ශක වල ඉහළින්ම ඔසවා තැබීමට ලොව පුරා තම රසිකයන් පළ කර තිබූ මනාප වලට ද ස්තුතිය පළ කිරීමට ද අමතක නොකළාය.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT