Home » ශ්‍රී ලංකාවට ආවේණික කණාමැදිරි වි⁣ශේෂ දෙකක්

ශ්‍රී ලංකාවට ආවේණික කණාමැදිරි වි⁣ශේෂ දෙකක්

by chanaka
March 27, 2024 11:18 am 0 comment

ශ්‍රී ලංකාවට ආවේණික නව කණාමැදිරි විශේෂ 2 ක් රුහුණ විශ්වවිද්‍යාලීය සත්ත්ව අධ්‍යයනාංශයෙන් සොයා ගෙන තිබේ.

Pygoluciola ගණයට අයත් නව කණාමැදිරියන් විශේෂ 2ක සොයා ගැනීම සිදු කර ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ සත්ත්ව විද්‍යා අධ්‍යයනාංශයේ ආචාර්ය ධම්මික විජේකෝන්, දිල්ශාන් ද සිල්වා, තිසර ඉෂාන් සහ මහාචාර්ය හේමන්තා වේගිරිය ඇතුළු රුහුණ විශ්වවිද්‍යාලීය සත්ත්ව අධ්‍යයනාංශයේ පර්‍යේෂණ කණ්ඩායමක් විසිනි.

ආචාර්ය ධම්මික විජේකෝන් මහතා සඳහන් කළේ, 2009 වසරේ සිට කළ පර්යේෂණ වලින් වලස්මුල්ල, රම්මලේ වනාන්තරය ආශ්‍රිතව මෙම කණාමැදිරි විශේෂ දෙක හඳුනා ගත් බවයි.

ඉන් එක් විශේෂයක් රුහුණ විශ්ව විද්‍යාලය නමින්ද (𝑷𝒚𝒈𝒐𝒍𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒓𝒖𝒉𝒖𝒏𝒂) අනික් විශේෂය රම්මලේ වනාන්තරය නමින්ද (𝑷𝒚𝒈𝒐𝒍𝒖𝒄𝒊𝒐𝒍𝒂 𝒓𝒂𝒎𝒎𝒂𝒍𝒆) නම් කර ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT