Wednesday, May 8, 2024
Home » රියදුරාට නින්ද ‌ගොස් සිදු වූ අනතුරින් 03 ක් රෝහලට

රියදුරාට නින්ද ‌ගොස් සිදු වූ අනතුරින් 03 ක් රෝහලට

by yasara
March 27, 2024 1:30 pm 0 comment

දෙහිඅත්තකණ්ඩිය මහියංගණය මාර්ගයේ මිල්ලැත්තැව ප්‍රදේශයේ දි ශ්‍රි ලංගම බස් රථයක් අද (27) දින පාරෙන් ඉවතට පැන සිදුවු අනතුරකින් තිදෙනෙකු තුවාල ලැබු බව පොලිසිය පවසයි.

දෙහිඅත්තකණ්ඩිය ඩිපෝවට අයත් බස්රථය මහියංගණය දක්වා ගමන් කරමින් සිටියදි පෙරවරු 9.30 ට පමණ  මෙම අනතුරට ලක්ව ඇති අතර තුවාල ලැබුවන් අතර වයස අවුරුදු 5ක ළමයෙකු ද සිටින බව වාර්තා වෙයි.

බස්රථයේ රියදුරු හට නින්ද යෑමෙන් මෙම අනතුර සිදුව ඇති බවට මූලික විමර්ශන වලදි අණාවරණය වි ඇති බවත් තුවාල ලැබුවන් ප්‍රතිකාර සදහා ගිරාදුරුකොට්ට මුලීක රෝහලට ඇතුළත් කල බවද පොලිස් සදහන් කලේය.

ගිරාදුරුකොට්ට පොලිසිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT