Saturday, April 27, 2024
Home » සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගල තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළට

සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගල තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළට

by chanaka
March 28, 2024 11:46 am 0 comment

උත්සව සමය තුළ ප්‍රසිද්ධ සමාගම්වල සන්නාම භාවිත කරමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා පුද්ගලයන්ගේ තොරතුරු ලබාගැනීමේ සිදුවීම් ඉහළගොස් ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සදහන් කර යි.

එම සංසදය සඳහන් කළේ නොමිලේ ත්‍යාග හිමිවන බවට පවසමින් ජංගම දුරකථනවලට කෙටි පණිවුඩ යොමුකරමින් අදාළ දත්ත ලබාගැනීම සිදුවන බවයි.

ඒ අනුව මෙම වසරේ ජනවාරි සහ පෙබරවාරි මාසවල පමණක් ඒ සම්බන්ධ පැමිණිලි 200කට අධික සංඛ්‍යාවක් ලැබී ඇත.

විවිධ සමාගම්වල සන්නාම නාමයන් භාවිත කරමින් විවිධ වෙබ් ලිපින යොදාගනිමින් සමාජ මාධ්‍ය යෙදවුම් හරහා ‘නොමිලේ ත්‍යාග ලබාදීමක්’ සිදුකරනවා යැයි දැක්වෙන පණිවුඩ හුවමාරු වන බවට අවස්ථා කිහිපයකදී වාර්තා වී තිබේ.

“විටෙක ඔබගේ ජංගම දුරකථනයටද එවැනි ලින්ක් එකක් ඇවිත් ඇති සහ එන්න පුලුවන්.
කෙසේ වෙතත් මෙම ව්‍යාජ පණිවුඩ හරහා ඕනෑම අවස්ථාවක ඔබගේ සංවේදී පෞද්ගලික දත්ත සයිබර් ප්‍රහාරකයින්ගේ ග්‍රහණයට ලක්විය හැකි බැවින් එවැනි වෙබ් ලිපින වෙත පිවිසීමේදී ඉතා ප්‍රවේශම් වන්න.“ යනුවෙන් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දීමක් කරනු ලැබේ.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT