Home » ගමේ ගිය අයට යළි එන්න අද-හෙට විශේෂ බස්-දුම්රිය සේවා

ගමේ ගිය අයට යළි එන්න අද-හෙට විශේෂ බස්-දුම්රිය සේවා

-ගැටලු ඇත්නම් 1958-1971 අමතන්න

by sachintha
April 16, 2024 2:14 am 0 comment

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද සැමරීම සඳහා ගම්බිම් බලා පිටත්ව ගිය ජනතාවට යළි පැමිණීම සඳහා අද (16) සහ හෙට (17) දිනයේත් විශේෂ බස් රථ සහ දුම්රිය යොදවා ඇත. අප්‍රේල් 14 වනදා දහවල් 12.00 සිට මෙම බස් රථ සේවාව ක්‍රියාත්මක වූ අතර අද සහ හෙට දිනයේත් එය ක්‍රියාත්මක කරන ලෙස ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශය විසින් ජාතික ගමනාගමන කොමිෂන් සභාවට, ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට, පළාත් ප්‍රවාහන අධිකාරිය හා ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබා දී ඇත. ඒ අනුව අම්බලන්ගොඩ, අම්පාර, අනුරාධපුර, බදුල්ල, හලාවත, ඇඹිලිපිටිය, කදුරුවෙල, හැටන්, නුවරඑළිය, වැලිමඩ, නුවර, කුරුණෑගල, මොනරාගල ආදි ප්‍රදේශවලින් මෙම විශේෂ බස් රථ ආරම්භ වේ. එමෙන්ම අධිවේගී මාර්ගය ඔස්සේ මාතර – කොළඹ, මාතර – මාකුඹුර, මාතර – කඩුවෙල, මාතර – කඩවත, මාතර – පානදුර, ගාල්ල – මාකුඹුර, ගාල්ල – කඩුවෙල, ගාල්ල – කඩවත, තංගල්ල – කොළඹ, ඇඹිලිපිටිය – කොළඹ, ඇල්පිටිය – කොළඹ‍, ඇල්පිටිය – මාකුඹුර, අම්බලන්ගොඩ – මාතර ආදි වශයෙන් බස් රථ ක්‍රියාත්මක වේ. මෙම ප්‍රදේශවලින් සෑම විනාඩි 15ත් 30ත් අතර කාල සීමාව තුළ වරකට බස් රථ පිටත්වේ.

එමෙන්ම බස් රථ සේවාව මෙන්ම විශේෂ දුම්රිය සේවාවක් ද ක්‍රියාත්මක වේ. ඒ අනුව බදුල්ල සිට කොළඹ දක්වා අද (16) දින පෙරවරු 05.45ට පළමු දුම්රිය පිටත්වන අතර පෙරවරු 07.45ට විශේෂ දුම්රියක් පිටත්වේ. එමෙන්ම සාමාන්‍ය පරිදි පෙරවරු 08.45ට‍, පෙරවරු 10.15ට සහ පස්වරු 5.20ට විශේෂ දුම්රියක් සහ පස්වරු 6.30ට තවත් දුම්රියක් කොළඹ බලා පිටත් වේ. එමෙන්ම ගාල්ල සිට කොළඹ කොටුව, මාතර සිට කොළඹ කොටුව, බෙලිඅත්ත සිට කොළඹ කොටුව ආදි වශයෙන්ද විශේෂ දුම්රියන් යොදවා ඇත.

ඒ අනුව 1958 ඔස්සේ ශ්‍රී ලංගම ඇමැතිය හැකි වේ. එමෙන්ම 1955 ඔස්සේ ජාතික ගමනාගමන කොමිසමත්, 1971 ඔස්සේ ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවෙන් විමසීම් සිදුකළ හැකි වේ. එමෙන්ම 0753224532 යන දුරකතන අංකය ඔස්සේ මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයෙන් විමසීම් සිදුකළ හැකි වේ.

ස්වර්ණා විජේකෝන්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT