Home » රට ඉදිරියට ගෙනයා හැකි අයකු ජනපති ලෙස තෝරාගැනීම ජනතාව සතු වගකීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන

රට ඉදිරියට ගෙනයා හැකි අයකු ජනපති ලෙස තෝරාගැනීම ජනතාව සතු වගකීමක් කථානායක මහින්ද යාපා අබේවර්ධන

by sachintha
April 24, 2024 1:53 am 0 comment

මේ දිනවල අපේ රටේ මැතිවරණ ගැන කතා වෙන බවත් ජනාධිපති මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂකයන් ගැන තවමත් නිශ්චිත වශයෙන් කිව නොහැකි බවත් රට අනාථ කරන්නේ නැතුව රට ඉදිරියට ගෙන යා හැකි අයකු ජනාධිපතිවරයා ලෙස තෝරා ගැනීමේ වගකීම ජනතාව සතු වගකීමක් බව පාර්ලිමේන්තුවේ කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ගාල්ලේ දී පැවසීය.

ගාල්ල ලබුදූව දක්ෂිණපාය ශ්‍රවණාගාරයේ පැවැති ශ්‍රී ලංකා සංස්කෘතික පදනම සංවිධානය කළ දක්ෂිණාභිමානී සම්මාන ප්‍රදානයෙන් පසු පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමින් කථානායකවරයා මේ බව පැවසීය. තවදුරටත් කථානායකවරයා මෙසේද පැවසීය.

මෙය ජනතාවගේ වගකීමක් මිස මේ රටේ දේශපාලනඥයන්ගේ වගකීමක් වන්නේ නැහැ.

මෙවන් ජාතික වගකීමකින් යුතු මැතිවරණයකදී ජනතාව මනා සිහිකල්පනාවකින් යුතුව තීරණ ගතයුතුව තිබෙනවා.

මාධ්‍යවේදියෙක් – ගෙවී ගිය අරගල සමයේ දී ඔබතුමා බරපතළ ගැටලුවකට මුහුණ දුන්නා නේද?.

කථානායකවරයා – එවන් ශෝචනීය තත්ත්වයක් නැවත මේ රට තුළ ඇති වන්නේ නැහැ. එය මගේ එකම ප්‍රාර්ථනායි. එය අතිශයින්ම බිහිසුණුයි.

ඒ තරම් ම සංවේදියි. ඉතා භයානකයි. එවන් අවස්ථාවක් යළි මේ රටතුළ ඇති නොවිය යුතුයි. එදා මම කෙළින් නොසිට ඇලවුණා නම් රටට කෙළවෙනවා.

ගාල්ල දිසා සමුහ නන්දසිරි වැලිගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT