Home » යාගොඩින් හොඳ වැඩක්

යාගොඩින් හොඳ වැඩක්

by mahesh
April 25, 2024 1:00 am 0 comment

ගම්පහ යාගොඩ ශ්‍රි ස්වර්ණපාලි මහා විදුහලේ විදුහල්පති තමරා දයානි මහත්මියගේ අනුශාසනයෙන් ,එහි නියෝජ්‍ය විදුහල්පති විනිතා මදනායක මහත්මියගේ පූර්ණ කැපවීම මත හා පාසලේ මෙන්ම පුණ්‍යකාමි බොහෝ පිරිසගේ ආධාර උපකාර මත මවුපියන් හැර ගිය මිත්තණිය සහ මුත්තණුවන් සමඟ දිරා ගිය කුලී නිවසක ජිවත් වූ විද්‍යාලීය 10 ශ්‍රේණීයේ ඉගෙනුම ලබන දියණියකට කුඩා නිවසක් ප්‍රදානය කරන ලදී. සැබවින්ම මෙය අගය කළ යුතු දෙයකි.

මෙම සද්කාර්ය සඳහා ගම්පහ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ ප්‍රියන්ති නානායක්කාර ,නර්තන හා සාර ධර්ම විෂය අධ්‍යක්ෂ සුගත් කරුණානායක ,සමාජ විද්‍යා ගුරු උපදේශක විපුල සෙනෙවිරත්න මහත්ම මහත්මීන්ද සහභාගි විය. යාගොඩ ශ්‍රි සුගතනන්දරාමවාසි ගරු පූජ්‍ය කුසල ස්වාමින් වහන්සේ විසින් එම දියණියගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සදහා රුපියල් 3000 ක ශිෂ්‍යත්ව මුදලක් මාසිකව ලබා දීමට කටයුතු කළහ.

නිලූෂා දිල්රුක්ෂි 
පාඨශාලාචාරිනි 
ශ්‍රී ස්වර්ණපාලී මහා විද්‍යාලය 
යාගොඩ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT