Home » වීරසේන ගමගේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

වීරසේන ගමගේ මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දෙයි

by mahesh
April 25, 2024 1:00 am 0 comment

වීරසේන ගමගේ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ ඊයේ (24) දිවුරුම් දුන්නේය. කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණධීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වීරසේන ගමගේ මහතා මෙලෙස පත් කෙරිණ.

1945 වර්ෂයේ උපත ලැබූ වීරසේන ගමගේ මහතා කැකිරාව මධ්‍ය මහා විද්‍යාලයෙන් සිය අධ්‍යාපන කටයුතු නිම කර ඇත. 1991 වසරේදී දේශපාලන කටයුතු ආරම්භ කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් කැකිරාව ප්‍රාදේශීය සභාවට මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් වූ ඒ මහතා එහි විපක්ෂනායක ලෙස කටයුතු කෙළේය.

එමෙන්ම උතුරුමැද පළාත් සභා මැතිවරණයට පොදුජන එක්සත් පෙරමුණෙන් තරග කර තේරී පත්වූ වීරසේන ගමගේ මහතා එහි වැඩිම වාර ගණනක් වැඩ බලන ප්‍රධාන ඇමැතිවරයා ලෙස කටයුතු කර ඇත. එමෙන්ම උතුරුමැද පළාත් සභාවේ කර්මාන්ත සහ සෞඛ්‍ය අමාත්‍යධුරද හොබවා ඇත.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT