Sunday, May 5, 2024
Home » බෝට්ටු එන්ජිමට හසු වුණු ධීවරයා මරුට

බෝට්ටු එන්ජිමට හසු වුණු ධීවරයා මරුට

by sachintha
April 26, 2024 1:40 am 0 comment

මන්නාරමේ ධීවරයකු ධීවර බෝට්ටුවේ එන්ජිමේ කොටසකට හසුවීමෙන් පෙරේදා (24) මියගොස් තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ තිස් අට හැවිරිදි දේවරාජා පීරිස් නමැති තිදරු පියෙකි. සිරිත් පරිදි ඔහු ධීවර රස්සාවට බෝට්ටුවකින් යමින් සිටියදී බෝට්ටු එන්ජිම ක්‍රියා විරහිත වී ඇති අතර, එය සැකසීමට ගිය අවස්ථාවේදී හදිසියේම එන්ජිම ක්‍රියාත්මක වී එහි දැතිවලට ධීවරයා හසුවීමෙන් තුවාල ලබා තිබේ. තුවාලකරුව සිලාවතුර රෝහලට රැගෙන ගොස් ඇති නමුත් ඔහු රෝහලේදී මියගිස් තිබිණ. සිලාවතුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.
උතුරු පළාත් විශේෂ
රසුල දිල්හාර ගමගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT