Sunday, May 5, 2024
Home » අලි – මිනිස් ගැටුමින් ගෙවුණු මාස 4ට මිනිස් මරණ 6ක් : අලි මරණ 9ක්

අලි – මිනිස් ගැටුමින් ගෙවුණු මාස 4ට මිනිස් මරණ 6ක් : අලි මරණ 9ක්

by sachintha
April 26, 2024 1:40 am 0 comment

අලි – මිනිස් ගැටුම්වලින් ගෙවුණු මාස හතර තුළදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ මිනිස් මරණ 6ක් හා අලි මරණ 9ක් වාර්තා වී ඇතැයි වනජීවී සහකාර අධ්‍යක්ෂ කේ.ජී. ශාන්ත වීරසිංහ මහතා හෙළිදරව් කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවැති දිස්ත්‍රික් කෘෂිකර්ම කමිටුවේදී මේ බව ඔහු අනාවරණය කර තිබේ.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස විවිධ ක්‍රියාමාර්ග විවිධ අවස්ථාවන්හිදී ගෙන ඇත. ඒ අනුව ක්‍රියාත්මක කෙරෙන දෛනික විදුලි වැට නඩත්තුවට බහුකාර්ය නිලධාරීන් වනජීවී අමාත්‍යාංශයේ විදුලි වැට නඩත්තු නිලධාරීන් ලෙස 282නකු යොදවා ඇති අතර, දෛනිකව විදුලි වැට නඩත්තුව සඳහා සේවා මුර ක්‍රමයට කිලෝමීටර 10ට සේවකයන් 10 දෙනකු යොදවා ඇත.

මෙම නිලධාරීන් විදුලි වැට බිඳ දැමීම නිරීක්ෂණය කර ක්ෂණිකව SMS පණිවුඩ මඟින් විදුලි බල මණ්ඩලය දැනුම්වත් කිරීම සිදු කරන අතර, එමඟින් එම බිඳ දැමීම කඩිනමින් යථා තත්වයට පත්කොට අලි ගම්වැදීමෙන් සිදු වන හානිය අවම වීම සිදු වන බව ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. මෙම නිලධාරීන් සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයේ මුරකුටි 51ක් ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර, මෙම වසරේදී ඉන් 26ක් ඉදිකිරීමට අපේක්ෂිත බව ද ඔහු පැවසීය.

කුරුණෑගල කුමාරි දිසානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT