Sunday, May 5, 2024
Home » ත්‍රිරෝදයෙන් ගංජා ඇද්ද 4ක් රිමාන්ඩ්

ත්‍රිරෝදයෙන් ගංජා ඇද්ද 4ක් රිමාන්ඩ්

by sachintha
April 26, 2024 1:40 am 0 comment

රත්තොට ප්‍රදේශයේ සිට බකමූණ ප්‍රදේශයට ගංජා කිලෝ එකහමාරක් පමණ ත්‍රිරෝද රථයකින් ප්‍රවාහනය කළ පුද්ගලයන් 4 දෙනකු ලග්ගල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබිණ.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් ගංජා රැගෙන බකමූණ ප්‍රදේශයට ගමන් කරද්දී ලග්ගල මාඔය පොලිසියේ මුර සංචාරයේ නිරතව සිටි පොලිස් නිලධාරීන් විසින් විසින් ගංජා සමඟ සැකකරුවන් ද ත්‍රිරෝද රථය ද අත්අඩංගුවට ගෙන තිබුණි. ලග්ගල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධම්මික පත්මරාජ, පොලිස් සැරයන් 71616 බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු පොලිස් නිලධාරීන් කණ්ඩායමක් සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගත් පුද්ගලයන් නාවුල මහේස්ත්‍රාත් අධිකරණ වෙත ඉදිරිපත් කර නඩු පැවරීමට පොලිසිය කටයුතු කර තිබේ.

ඇලහැර – සරත් වෙලගෙදර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT