Sunday, May 5, 2024
Home » බෝපේ ගෙයක් පිටුපස අඩි 9ක ගංජා ගස් දෙකක්

බෝපේ ගෙයක් පිටුපස අඩි 9ක ගංජා ගස් දෙකක්

by sachintha
April 26, 2024 1:00 am 0 comment

ගාල්ල බෝපෙ ප්‍රදේශයේ නිවෙසක් පිටුපස අඩි 9ක් උසට වගා කර තිබූ ගංජා ගස් දෙකක් සමඟ ගුවන් හමුදා සේවයෙන් ඉවත් වූ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පැවසීය.

සැකකරුගේ නිවෙස පිටුපස ඇති මල් ගස් වගාව සමඟ මෙම ගංජා ගස් දෙක වගා කර තිබූ බවද සැකකරු නිත්‍යානුකූලව ගුවන් හමුදා සේවයෙන් ඉවත්ව සිටින අයකු බවද පොලිසිය වැඩිදුරටත් පැවසීය. සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

ගාල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සතිස් ගමගේ සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සනත් අමරසිංහ යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි ගාල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්.එල්. නාරංගොඩ මහතාගේ මෙහෙයවීම මත සැරයන්වරුන් වන බටුවත්ත (13215), විතාරන (73171), කොස්තාපල් සාරංග (89418) යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර තිබේ.

 

දකුණු පළාත් සංචාරක එස්. දීයගහගේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT