Home » ෆේස්බුක් පෙම්වතියගේ ගෙදර ගිය සෙබළාට හැටදාහක ෆෝන් එකත් නෑ

ෆේස්බුක් පෙම්වතියගේ ගෙදර ගිය සෙබළාට හැටදාහක ෆෝන් එකත් නෑ

by sachintha
November 15, 2023 1:01 am 0 comment

හදිසියේ ගෙට ආ අයෙක් බැණ වැදී ෆෝන් එක අරන්

පරීක්ෂා කරන මුවාවෙන් තරුණිය එක්කම මාරු වෙලා

මුහුණු පොත හරහා හඳුනාගෙන යුද හමුදා සෙබළකු සමඟ ප්‍රේම සබඳතාවක් ගොඩනඟා ගනිමින් උපක්‍රමශීලීව නිවෙසකට කැඳවාගෙන තවත් පිරිමි පුද්ගලයකු සමඟ එක්ව රුපියල් පනස්අට දහසක් වටිනා ජංගම දුරකතනයක් කොල්ලකෑ කාන්තාවක ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කළ බව අනුරාධපුර මූලස්ථාන පොලිසිය පැවසීය.

සිද්ධියට මුහුණ පෑ යුද හමුදා සෙබළා අනුරාධපුර කහටගස්දිගිලිය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 29ක පුද්ගලයෙකි. එම සෙබළා කඳවුරේ සිට නිවාඩු ලබා කහටගස්දිගිලිය බලා ගමන් කරන අවස්ථාවේදී මුහුණු පොත හරහා හිතවත්කමක් ගොඩනඟාගත් කාන්තාව සෙබළා අමතා තමාව හමුවීමට පැමිණෙන ලෙසට දන්වා තිබේ. පැමිණිලිකාර සෙබළා අනුරාධපුර නගරයට පැමිණ, ඔහුට දැනුම් දුන් පරිදි ශ්‍රාවස්තිපුර Òතුරුලිය සෙවණÓ අසලින් බස් රථයෙන් බැස, බස් නැවතුමේ රැඳී සිටි ප්‍රේමවන්තිය සමඟ ඇගේ නිවෙසට ගොස් සිටියදී මෙලෙස කොල්ලකෑමට ලක්ව තිබේ.

නිවෙසේ මඳ වේලාවක් සිටින විට නිවෙසට පැමිණි වෙනත් පිරිමි පුද්ගලයකු එම කාන්තාවට සහ සෙබළාට බැන වැදී සෙබළාගේ ජංගම දුරකතනය උදුරාගෙන පරීක්ෂා කරන මුවාවෙන් එළියට ගොස් ඇති බවත්, පසුව කාන්තාව ද, එම පුද්ගලයා සමඟ පලාගිය බවත් පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. කාන්තා විසින් අදාළ පිරිමි පුද්ගලයා සූක්ෂ්ම ලෙස එම ස්ථානයට කැඳවා උපක්‍රමශීලීව මෙම දුරකතනය කොල්ලකා පලාගොස් ඇති බව දැන ගැනීමෙන් අනතුරුව ඔහු පොලිසියට පැමිණ පැමිණිල්ලක් සිදු කර තිබේ.

අනුරාධපුර සංචාරක – සශිනි මධුෂානි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2024 – All Right Reserved. Designed and Developed by Lakehouse IT